Posted on 08.27.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කොතලාවල පනත අහෝසි කරන ලෙස විරෝධතා දක්වීම නිසා ව්‍යාජ චෝදනා නගමින් අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් තිදෙනකුට නිරෝධායන සිර කඳවුර තුළදී කොරෝනා රෝගය වැලඳී ඇති බව වාර්තා වේ.
මේ ආකාරයට ආසාදිතයන්ව සිටින්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ චමීර කොස්වත්ත, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ජපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප යන තිදෙනාය.
අගෝස්තු 03 වනදා බත්තරමුල්ල, පාර්ලිමේන්තු මංසන්ධිය අසළ මාර්ගයේ පැවති සිසුජන ව්‍යාපාරයේ විරෝධතාවට සහභාගි වූ වෘත්තිය සමිති, දේශපාලන පක්ෂ, ශිෂ්‍ය සංගම් හා සිවිල් සමාජ ක්‍රියාකාරින් විසිර යාමෙන් පසුව සිසුජන ව්‍යාපාරයේ කෝෂිලා හංසමාලි අත්අඩංගුවට ගෙන තිබිණි. පෙ.ස.ප. පාලක ලේකම් චමීර කොස්වත්ත එදිනම රාත්‍රීයේ අත්අඩංගුවට ගනු ලැබීය. ශ්‍රි ජයවඑර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප අගෝස්තු 05 වැනිදා විශ්වවිද්‍යාල ආචාර්යවරු සංවිධානය කළ විරෝධතාවකට සහභාගි වීමට යමින් සිටියදී පැහැර ගැනීමට ලක් විය. එදිනම රාත්‍රියේ රූපවාසිහින සංවාදයකට සහභාගි වීමෙන් පසු පිටව යමින් සිටියදී 06 වනදා පාන්දර අ.වි.ශි.බ.ම. කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහෝදරයා අත්අඩංගුවට ගනු ලැබීය. මොවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවා තබුණේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය(CRP) තුලයි. එහිදී මොවුන් තිදෙනාගේම ඇන්ටිජන් හා PCR පරීක්ෂණ සිදු කර තිබූ අතර ඒවායේ ප්‍රතිඵල මඟින් තහවුරු වූයේ මොවුන් තිදෙනාටම කොවිඩ් 19 වෛරසය අසාදනය වී නොමැති බවය.
ඉන් අනතුරරුව, ඔවුන් රඳව සිටි බදුල්ල, තල්දෙන රැඳවුම් මධ්‍යස්ථානයේදී 25 දින කරන ලද PCR පරීක්ෂණ ප්‍රතිඵල අනුව තිදෙනාටම කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බව තහවුරු වී ඇත. මේ අනුව, නිරෝධනය මධ්‍යස්ථාන යයි පවසමින් සිය ගණන් එකට රඳවා තබා ඇත්තේ ජීවිත පිළිබඳව කිසිඳු වගකීමකින් තොරව බවට චෝදනා නැගී ඇත.
ඔවුන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා හෝ යොමු කර නොමැති බවට අන්තර්විශ්වවිද්යාල්යීය ශිෂ්‍ය බල මණ්ඩලය පෙන්වා දෙයි. සිසු කම්කරු නායකයන් ඇප නොදී රඳවා තබා ගැනීම සඳහා කටයුතු කළ ආණ්ඩුවේ සැලැස්ම අනුව මෙම තිදෙනා කොරෝනා රෝගයට ගොදුරු වී ඇති බව අ.වි.ශි.බ.ම. ප්‍රකාශ කරයි.