Posted on 10.27.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
යාපනයේ මවක් ණය ගෙවාගැනීමට නොහැකිව මිය ගිය සිය සැමියා නැතිව දරුවන් හදාවඩා ගැනීමටත් ආර්ථික තත්වය පවත්වාගෙන යාමටත් නොහැකි බව පවසමින් සිය දිවි නසාගෙන ඇත.
අද (27) දහවල් දරුවන් තිදෙනාට අයිසි ක්‍රීම්වලට කවලම්කර වස දී තමන්ද වස පානය කර මිය ගිය මෙම කාන්තාගේ සැමියා රු. එක්කෝටි දාහත් ලක්ෂයක මුදල් වංචාවකට හසු වූ නිසා ඇති වූ හිත් වේදනාවෙන් මීට මාස දෙකකට පෙර සිය දිවි නසා ගෙන ඇත.
මිය ගිය කාන්තාව මිය යෑමට පෙර යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවසකර් ඉලන්චේලියන් නමට ලියා තැබූ ලිපියක් හමු වී ඇත.
මිය ගිය සැමියා පිළිබඳ දරුවන් අහන ප්‍රශ්න වලට පිළිතුරු දීමට නොහැකි නිසා දරුවන් සමග දිවි නසා ගන්නා බවත් දෙමළ භාෂාවෙන් ලියා ඇති ඇයගේ ලිපියේ සඳහන්ව ඇත.
“දරුවන් වෙනුවෙන් ජීවත් වෙන්න කියලා හිතුනත් ළමයි අහන ප්‍රශ්නවලට මට උත්තර නෑ. ළමයි අහනවා තාත්තා කවදා එයිද? තාත්තා පේන්න එන්නේ නැත්තෙ ඇයි? අපේ තාත්තා සුදුයි නේද? තාත්තා ගේ කන්වල පුලුන් ගහලා තිබුණේ ඇයි? අපේ තාත්තා සුදුයි නේද? තාත්තා ඇයි කලු පාට වුනේ? සුදු විදිහටම තාත්තාත ආයිත් එයිද? තාත්තා ආවම අපි පාර්ක් එකට යමුද?
මේ වගේ මගේ දරුවන් අහන ප්‍රශ්න වලට මට උත්තර දෙන්න බෑ. මම කොච්චර කාලෙකට දරුවන් රවට්ටන්නද?
අපේ මරනෙට හේතුව ශ්‍රී සංකර් නම් පුද්ගලයා, ඔහුගේ බිරිය සුගන්යා සහ සිරිදරන්. අපි අද මේ තත්ත්වයට වැටෙන්න මේ අය වග කියන්න ඕන.“
දෙවියන් මේ ලෝකේ සත්‍ය වෙනුවෙන් ඉතා සීමිත පිරිසක් තෝරාගෙන එවලා තියෙනවා. මම විශ්වාස කරන විදිහට ඔබ තුමාත් ඒ අයගෙන් එක්කෙනෙක්. අපට වෙච්ච අසාධාරණයට ඔබ තුමා සාධාරණයක් ඉටු කරන්න. අපේ නිරිදෝශි භාවය ඔප්පු කරන්න අපි අපේ පණ දෙනවා.”
එසේම සිය අවසන් කටයුතු කළ යුතු ආකාරය විස්තර කරමින් මිය ගිය කාන්තාව විසින් සිය මව්පියන්ට ලියූ ලියුමක්ද හමු වී ඇත.