Posted on 05.10.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මුස්ලිම්වරුන් සතුව කඩු තිබීම හා ඒවා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මුස්ලිම් සිවිල් සංවිධාන අදහස් පළ කර ඇත.
ඊයේ (9) සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය, දේශපාලන නායකයන් හා සිවිල් සංවිධාන ක්රියාකාරිකයන් සමග පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ආගමික ස්ථානවල හෝ මුස්ලිම් නිවාසවල කඩු හමුවීම සම්බන්ධයෙන් අදහස් පළකර තිබිණි. පසුගිය කාලයේ මුස්ලිම් විරෝධී ප්රචණ්ඩත්වයක් පැවති තත්වයක් තුළ ඇතැම් මුස්ලිම් පවුල්වල ආරක්ෂාවට කඩු තබාගෙන සිටි බව එහිදී අදහස් පළකරන ලදී.
විවිධ අවස්ථාවල ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු පිළිබද පැමිනිලි ඉදිරිපත්කළද වරදකරුවන් නීතිය හමුවට ගෙන එන්නට නොහැකි විය. එවැනි පසුබිමක ඉස්ලාම් ආගමික ස්ථානවලට හා නිවෙස්වලට ආරක්ෂාව ලබාදීම පිණිස නිසි පියවර නොගත් තත්වයක් යටතේ ආත්මාරක්ෂාව වෙනුවෙන් ඇතැම් මුස්ලිම් පවුල්වල හා ආගමික ස්ථානවල කඩු තබාගත් බව එහිදී අදහස් පළ කළ නියෝජිතයෝ පැවසූහ.