අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිළයන් සඳහා ආණ්ඩුවේ හිතවතුන් පත් කිරීමට විරෝධය දක්වමින් එළඹෙන 26 වන දින සංකේත වැඩවර්ජනයක් සිදු කරන බව ලංකා ගුරු සංගමය පවසයි.
ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා අද(20) දින කොටුව දුම්රියපොළ ඉදිරිපිට අත්පත්‍රිකා බෙදීමක් සිදු කරමින් ඔවුන් මේ බව පවසන ලදි.
වත්මන් හවුල් ආණ්ඩුව පසුගිය ආණ්ඩුව යටතේ දේශපාලන පළිගැනීම්වලට ලක්වුවන් බව පවසමින් තම හිතවතුන් 1014 අධ්‍යාපන ක්ෂේත්‍රයේ පත්වීම් ලබා දීමට සුදානම්ව සිටින බවත් හතලිස් තුන් ලක්ෂයක් වූ පාසල් සිසුන් පාලනය සඳහා නුසුදුස්සන් පත් කිරීමට සිය විරෝධය දක්වමින් මෙම වැඩවර්ජනය සංවිධානය කරන බවත් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම්, ජෝසප් ස්ටාර්ලින් පැවසීය.
විශාල රැකියා වියුක්තිකයින් ප්‍රමාණයක් රැකියා අපේක්ෂාවෙන් සිටියදී පවා ධනපති ආණ්ඩු විසින් තම හිතවතුන්ට පමණක් රැකියා ලබා දෙමින් එම ක්ෂේත්‍රයන්ද සිය අත්තනෝමතිකත්වයට යට කිරීමට කටයුතු කරන බවට මෙවැනි තත්වයන් උදාහරණ සපයයි.