මේ සියවස තුළ දැකිය හැකි දීර්ඝතම පූර්ණ චන්ද්‍රග්‍රහණය අද (27) රාත‍්‍රි කාලයේ නරඹන්නට හැකිවනු ඇත.
බටහිර අප්‍රිකාවල නැගෙනහිර ආසියාව හා දකුණු ඇමරිකාවට චන්ද්‍රග්‍රහණය හොඳින් දර්ශනය වන අතර මෙය අමෙරිකාවට දැකිය හැකි නොවන බවට අනාවැකි පළව ඇත. එසේම මෙය මෙය ඉදිරි වසර 82 තුළ දක්නට ලැබෙන වඩාත්ම දීප්තිමත් පූර්ණ චන්ද්‍රග්‍රහණය වේ. මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණය තුල පෘථිවියේ සෙවනැල්ලෙන් වැසී යන චන්ද්‍රයා රතු පාටින් දිස්වන බැවින් එය ‘ලෝහිත සඳ’ ලෙස හඳුන්වයි. අද දින රාත‍්‍රී 10.45 සිට හෙට අලුයම 4.48දක්වා පවතින මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණය ලංකාවේදී හොදින්ම නරඹන්නට හැකිවනු ඇත්තේ අද රාත‍්‍රි 11.45 සිට හෙට දින අලුයම 3.50 අතර කාලයේ බව තාරකා විද්‍යාඥයන්ගේ අනාවැකියයි.
පැය 06 කුත් විනාඩි 14 ක පමණ කාලයක් මෙම පූර්ණ චන්ද්‍රග්‍රහණය පවතිනු ඇති බව ලාංකීය තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න ප‍්‍රකාශ කර ඇත.
මෙම චන්ද්‍රග්‍රහණය කොටස් වශයෙන් වෙනත් රටවල් ගණනාවකට දිස් වුවද චන්ද්‍රග්‍රහණය සම්පූර්ණ වශයෙන් සහ වඩා හොඳින් දිස්වන්නේ නැගෙනහිර අප්‍රිකාවල මධ්‍යම ආසියාව සහ මැදපෙරදිග රටවලට බව මහාචාර්ය චන්දන ජයරත්න පැවසීය.
මෙයින් පසුව 2025 වසර දක්වා මෙවැනි පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව නොලැබෙන බව ද ඔහු වැඩිදුරටත් සදහන් කරයි. ඊට අමතරව අගහරු ග‍්‍රහයාද පෘතුවියට සමීපව විශාලව දක්නට ලැබෙනු ඇති බව තාරකා විද්‍යාඥයෝ අනාවැකි පළ කරති.