හෝමාගම හා පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවගේ නිවාස හා ඉඩම් පවරාගෙන තාක්ෂණ නගරයක් ඉදිකිරීම සම්බන්ධව විරෝධය පළ කරමින් විරෝධතාවක් සංවිධානය කළ ‘හෝමාගම ජන අයිතීන් සුරැකීමෙි ව්‍යාපාරය‘ විසින් එම විරෝධය ඇමතිවරයාට ලිඛිතව ලබාදීම සදහා බස්නාහිර සංවර්ධන සහ මහා නගර අමාත්‍යාංශයේ ලේකම් හමු වූ අවස්ථාෙවේ උනුසුම් තත්වයක් ඇති විය.
අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු නිලධාරින් විසින් එම විරෝධතා ලිපිය භාරගන්නවා වෙනුවට සාකච්ඡාවක් පවත්වා කරුනු ඉදිරිපත් කිරීමේදී ජනතාව විසින් මතු කළ ගැටලුවලට පිළිතුරු ලබාදීමට නොහැකි වූ අතර පරස්පර කරුණු ඉදිරිපත් කිරීම නිසා ජනතා නියෝජිතයෝ සාකච්ඡාව නිශ්ඵල බව පවසමින් පිටව ගියහ.
පහත ඇත්තේ එම සාකච්ඡාව අවස්ථාවේ ලබාගත් වීඩියෝ දර්ශනයකි.