Posted on 11.23.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
යුද හමුදාව අතහැර පළා ගිය සොල්දාදුවන්ට ලබා දුන් පොදු සමා කාලසීමාව දීර්ඝ කළ දිනයද ඊයේ (22) අවසන් වූ අතර භාරනොවූළු සෙබලුන් අත්අඩංගුවට ගැනීම සඳහා අද දිනයේ සිට මෙහෙයුම් ආරම්භ කරන බව යුද හමුදා ප්‍රකාශක පවසයි.
ඔක්තෝබර් මස 23 වන දින සිට ක්‍රියාත්මක වූ මෙම පොදු සමා කාලය තුළ යුද හමුදා සාමාජිකයින් 11,232ක් ස්වෙච්ඡාවෙන් ඉවත් වී ඇති බව පවසන යුද හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනවිරත්න සෙසු පළාගිය සෙබලුන් අල්ලන්නට දිවයින පුරා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පවසයි.
80 දසකයේ රැකියා වියුක්තිය ඉහළ යාම සහ ජාතිවාදී යුද්ධය වර්ධනය වීමෙන් තරුණ පරපුරට විකල්පයක් නැති තැන යුද හමුදාවට බැදෙන්නට බල කරන ලදී. ඇතැම් පිරිසක් දේශපාලන තේරුමෙන් යුද් සේවයට පැමිණි බවට ප්‍රකාශ කළද බොහෝ පිරිසක් එසේ මරණය තෝරාගෙන යුද සේවයට බැදුනේ සිය පවල්වල ආර්ථික තත්වය පහත අඩියට වැටීමෙන් පසුවය. යුද්ධය අවසන් වූ 2009න් පසුව විවිධ දීමනා කපා හැරීම හා සේවා ප්‍රමුඛතා නිසා ඇති වූ වරප්‍රසාද අහිමිවීම නිසා යුද සේවය සදහා ගිය තරුණ තරුණියන් අතර හමුදා සේවය සම්බන්ධ ප්‍රසාදය පහත වැටී ඇත. යුද හමුදාව අතහැර පළා ගිය තවත් පුද්ගලයින් 26,000කට ආසන්න පිරිසක් සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නට තීරණය කර ඇත. යුද සේවය එපා වී පළා යන පිරිස විවිධ අපරාධවලට සම්බන්ධවන බවටද චෝදනා එල්ල වී ඇත. ආර්ථික පීඩාවත් සමග සමාජ ගැටලු උත්සන්න වීමෙන් සහ රැකියා වියුක්තිය වර්ධනය වීමත් සමග මෙසේ විවිධ වර්ගයේ අපරාධ වර්ධනය වීමද දක්නට ලැබේ. යුද සේවය හැර පළායනවුන් මෙම අපරාධවලදී එක් සාධකයක් පමණි.