Posted on 08.01.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
සයිටම් ආයතනයට එරෙහිව විවිධ බලවේග කැඳවමින් අගෝස්තු 02 දිනය ජාතික විරෝධතා දිනයක් ලෙස නම්කර, එදින රට පුරා විරෝධතා රැලි, උද්ඝෝෂණ ආදී ක්‍රියා මාර්ග ගන්නා බව සයිටම් විරෝධී ජන පවුර පවසයි.
ආරම්භ කර ඇති මෙම සංවිධානයට, ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ, වෛද්‍ය සංගම්, වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම්, දෙමාපිය සංගම්, විශ්වවිද්‍යාල ආචාර්ය සංගම් ඇතුළු සිවිල් සංවිධාන විශාල සංඛ්‍යාවක් එක්ව සිටින බවද සංවිධායකයන් ලෙස ජ.වි.පෙ. වෘත්තිය සමිති නායකයන් පවසයි. ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්‌ෂ, වෘත්තීයවේදී සංගම්, වෘත්තීය සමිති, බහුජන සංවිධාන එදින මෙම විරෝධතාවට එක්‌වීමට තීරණය කර ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්‌ඩල වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු උපාලි රත්නායක පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය. ප්‍රධාන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල වැඩ වර්ජන හා ඒවා ඉදිරිපිට විරෝධතා පැවැත්වීමටත්, දිස්ත්‍රික් මට්‌ටමින නගරවල විරෝධතා පෙළපාලි හා ජනහමු පැවැත්වීමටත්, ආයතන මට්‌ටමින් කළු පටි පැළැඳ විරෝධය පළකිරීමටත් එදින කටයුතු කරන බවද ඔහු පැවසීය.