தமிழ்
English
Contact
Friday 3rd May 2019    
යුද්ධය අවසන්ව වසර 8ක් ගෙවුණත් හමුදා කදවුරු ඉවත් කිරීමට කල් මදි ! - යුදහමුදාපති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

යුද්ධය අවසන්ව වසර 8ක් ගෙවුණත් හමුදා කදවුරු ඉවත් කිරීමට කල් මදි ! – යුදහමුදාපති



උතුරු හා නැගෙනහිර පිහිටුවා ඇති යුද හමුදා කඳවුරු කඩිනමින් ඉවත් කර ගැනීම සුදුසු නොවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසයි.

ඔක්තෝබර් 10 වැනි දිනට යෙදෙන යුද හමුදාවේ සංවත්සරය නිමිත්තෙන් පැවැති ආගමික වතාවත්වලින් අනතුරුව මාධ්‍ය හමුවේදී ඔහු ඒ බව පැවසීය. පසුගිය යුද සමයේදී උතුරේ ජනතාවගේ ඉඩම් පවරාගෙන හමුද කදවුරු පිහිටුවා ඇති අතර එම කදවුරු ඉවත්කර ඉඩම් ඒවායේ හිමිකරුවන්ට නිදහස් කරන ලෙස බලවත් ඉල්ලීමක් පවතී. එහෙත් යුද හමුදාව ප්‍රකාශ කරන්නේ තවමත් එම ඉඩම් නිදහස් කරන්නට කාලය පැමිණ නැති බවයි. එසේම උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පවසන පරිදි එක් ලක්ෂ අසූදහසක යුද හට පිරිසක් උතුරේ නොමැති බවත් යුද හමුදාපතිවරයා කීවේය. රටේ ආරක්ෂාව පිළිබඳ වගකීම ජනාධිපතිවරයා, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන්, නාවුක හමුදා, ශ්‍රී ලංකා ‍පොලීසිය, සිවිල් ආරක්ෂක බළකාය වැනි ආයතනවලට පැවැරෙන බැවින් ඒ ඒ ආයතන අදාළ පරිදි තීන්දු තීරණ ගන්නා බවද ඔහු කීවේය.