Posted on 07.27.2018 by Lahiru Umayangana in දේශීය පුවත් with 0 Comments
පේරාදෙණිය සරසවිය දින නියමයක් නොමැතිව වසා දාමා සිසුන්ට තහනම් කලාපයක් බවට පත් කිරීමට පානධිකාරිය අද(27) දින තීරණය කර ඇති බව වාර්තා වේ.
මේ අනුව අද දින සවස 6 ට ප්‍රථමයෙන් නේවාසිකාගාර සහ සරසවි භූමියෙන් ඉවත්වන ලෙසත් නැවත දැනුම් දෙන තුරු සියළු අධ්‍යන කටයුතු දින නියමයක් රහිතව නවතා දාම ඇති බවටත් සිසුන්ට දන්වා ඇත.
පේරාදෙණිය සරසවි මහා ශිෂ්‍ය සංගමය විසින් ඉල්ලීම් 7ක් මුල් කරගනිමින් පසු ගිය වකවානුව මුළුල්ලේ සිදු කරගෙන යමින් සිටින අඛණ්ඩ අරගලයට මුහුණ දිය නොහැකිව මෙලෙස සරසවිය වසා දමා ඇති බවත්, සිසුන්ගේ සාධාරණ ඉල්ලීම් වලට පිළිතුරු ලබා දිය නොහැකිව පාලනාධිකාරිය සිදුකරන මෙම මර්ද්දනකාරී සහ අත්තනොමාතික තීරණ පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් සිසුන් පවසයි.
පේරදෙණිය විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ පවතින ගැටළු කිහිපයක් විසඳන ලෙසට සිසුන් සංවිධානාත්මකව මැදිහත් වීම හේතුවෙන් පසුගිය 01 වැනිදා සරසවි පාලනාධිකාරිය විසින් ඉංජිනේරු පීඨයද මේ අයුරින්ම වසා දැමීමට තීරණය කර තිබුණි.
පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය විසින් පහත ඉල්ලීම් ඉදිරිපත් කරමින් අඛණ්ඩ අරගලයක මේ වන විටත් නිරත වෙමින් සිටී.
සිසුන්ගේ නිදහස තහවුරු කරමින් අධ්‍යාපනයේ නිදහස ලබා දෙනවා වෙනුවට ආණ්ඩු හිතැති පලනධිකාරීන් විසින් සරසවි එහෙයියන්ගේ නිෂ්පාදනාගාර බවට පත් කිරීමට උත්සාහ දරමින් එයට එරෙහිව සිදු කරන සංවිධානාත්මකව මැදිහත්වීම් මර්දනය කිරීම සඳහා නිරන්තරයෙන් මෙවැනි නිවට උත්සාහයන්හි නිරත වෙමින් ඇත.