Posted on 04.19.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට විරෝධය පලකරමින් කොළඹ පුරහල අසල අට්ටාලයක පවත්වාගෙන යන විරෝධතාවට අද ධීවර සංවිධාන එකමුතුවෙහි සහාය හිමිවිය.
අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් තවත් සිසු පිරිසක් ආරම්භ කළ මෙම විරෝධතාවට මේ වනවිට දින 273ක් සපිරේ. මෙම විරෝධතා අට්ටාලය වෙත අද පැමිණි ධීවර සංවිධාන එකමුතුව ඊට සිය සහාය පළ කරමින් විරෝධතාවට එක් විය.
එහිදී විරෝධතා අට්ටාලයට පැමිණි ධීවර සංවිධාන එකමුතුවේ කාර්ය සභික ජූඩ් නාමල් ප්‍රනාන්දු අදහස් පළ කරමින් ක්‍රිස්තුන් වහන්සේ ධිවර ජනයාට සමීප බවත් අයුක්තියට විරුද්ධව සටන් කළ ක්‍රිස්තුන් මරණයට කැප කළ දිනයක බවත් පැවසීය. එසේම සිසු දරුවන් වෙනුවෙන් කාර්ය ඉටුකිරීමට සිසුන්ගේ හා ලාංකීය ජනතාවට මෙයට සහයෝගය දැක්වීමට එක්වන බවද ඔහු මෙහිදී කියා සිටියේය. එහිදී අදහස් දැක්වූ අග්නිදිග විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටු සමාජික ගිහාන් වීරසේකර පවසා සිටියේ සිසුන්ගේ සටන සටන අග්නිදිග විශ්වවිද්‍යාල සිසුන්ගේ පමණක් නොව සමස්ත විශ්වවිද්‍යාල සිසුන්ගේ අයිතීන් වෙනුවෙන් සිදු කරන්නක් බවය.