தமிழ்
English
Contact
Friday 3rd May 2019    
ඛනිජ තෙල් සංස්ථාවට හමුදාවෙන් කඩා පනී | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඛනිජ තෙල් සංස්ථාවට හමුදාවෙන් කඩා පනී



කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයට අද(26) අළුයම හාමුදාවෙන් ඇතුළු වී ඒ එහි සිටි විරෝධතාකරුවන් බලහත්කාරය යොදා ගනිමින් ඉවත් කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් ඛනිජ තෙල් සේවකයින් තෙල් ගබඩා සංකීර්ණය ඉදිරිපිට අඛණ්ඩව විරෝධතාවයේ නිරත වේමින් සිටී.

ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යාවශ්‍ය සේවාවක් කරමින් ආණ්ඩුව විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මිලිටරිමය මැදිහත්වීමක් හරහා ඛනිජ තෙල් වෘත්තීය අරගලය මර්ධනය කිරීමට මේ වන විට කටයුතු කරමින් ඇත.

ත්‍රිකුණාමලය චීන වාරයේ තෙල් ටැංකි සංකීර්ණය සහ හම්බන්තොට වාරය තෙල් ටැංකි සංකීර්ණය ඛනිජ තෙල් සංසථාවට පැවරීම සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුව කඩිනමින් නවීකරණය කිරීම යන ඉල්ලීම් මුල් කරගනිමින් පසුගිය 24වන දා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව විසින් මෙම දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනය ආරම්භ කරන ලදී.

කෙසේ වෙතත් ඊයේ(25) දින හම්බන්තොට වාරය චීන සමාගමට විකුණා දැමීමට අදාළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල ඒකමතික අනුමැතිය හිමි වී තිබුනි.

 


ආශ්‍රිත පුවත්