Posted on 07.25.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
තම අධ්‍යයන කටයුතුවලට අදාළ ඉල්ලීම් වෙනුවෙන් අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා සිසුන් අද (25) පැවැත්වූ විරෝධතා පාගමන විසුරුවා හැරීම සඳහා පොලීසිය කදුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාර එල්ල කළේය.
රුපියල් 1500ක් වන මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 5000 දක්වා ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සිසුහු අද දහවල් පුංචි බොරැල්ල මංසන්ධියෙන් විරෝධතාවක් ආරම්භ කළහ. විරෝධතාකරුවන් පාගමනින් මරදාන ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් ආරම්භ කළේය. ලෝටස් වටරවුම ඔස්සේ විරෝධතාකරුවන් ජනාධිපති කාර්යාලය දෙසට ගමන් කිරීම උත්සහ කළ විට පොලීසිය මාර්ග බාධක යොදා මාර්ගය අහුරා තිබිණි. එම බාධක ඉක්මවා යන්නට ගත් උත්සාහයේදී පොලීසිය කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාර එල්ල කරනු ලැබීය.
මෙම ප්‍රහාරය නිසා එක් සිසුවකු තුවාල ලබා රෝහල්ගත කරණ ලදී.