Posted on 03.01.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලංකාවේ අාර්ථික තත්වය පිළිබද සමීක්ෂණයකදී සෑම දරුවන් 100ටම 11 දෙනකු දිළිදුකම නිසා පීඩාවට පත්ව සිටින බව ප්‍රතිපත්ති අධ්‍යයන අායතනය ප්‍රකාශ කරයි.
‘2017 වසරේ ලංකාවේ ආර්ථික තත්වය’ යන තේමාවෙන් මෙම සමීක්ෂණය සම්බන්ධ වාර්තාව නිකුත් කරමින් ඒම අායතනය පවසන්නේ නාගරික දරුවන් 5%ක්, ග්‍රාමීය දරුවන් 11%ක් සහ වතුකරයේ දරුවන් 27%ක් දිළිදුකමින් පීඩාවට පත්ව සිටින බවයි.
ඒක්සත් ජාතින්ගේ ළමා අරමුදල විසින් නිර්ණය කළ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය අනුව අනුව සාමාන්‍යයෙන් ළමුන් ලෙස සළකනු ලබන්නේ වයස අවුරුදු 5ත් 14ත් අතර පසුවන්නන්ය. ඒසේම මෙම සමීක්ෂණයේදී දිලිදුකම සම්බන්ධ තීරණය කිරීමට ආදායම් මට්ටම, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ජීවන තත්වයන් සපුරා ගැනීමට ඇති හැකියාව සැලකිල්ලට ගෙන තිබේ.