සදරුවන් සේනාධීර අත්අඩංගුවට ගෙන පිටුවහල් කරන්න – ජනාධිපති බ්‍රිතාන්‍ය තානාපතිට කියයි

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවි සංස්කාරක සදරුවන් සේනාධිර අත් අඩංගුවට ගෙන ලංකාවට පිටුවහල් කරන ලෙස ජනාධිපති මෙෙත්‍රිපාල සිරිසේන විසින් බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩවුරිස් වෙත දැනුම් දී අැත.

පැජට් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසට කැදවනු ලැබූ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා වෙත මෙම දැනුම්දීම සිදුකරනු ලැබුවේ සදරුවන් සේනාධීර විසින් සිය වෙබ් අඩවියෙන් ජනාධිපතිවරයාට සහ පවුලේ සාමාජිකයන්ට චෝදනා කරමින් පුවත් පළ කිරිම නිසා බව දැනගන්නට අැත. පසුගිය වසරේ නොවැම්බර් සිට ලංකා ඊනිවිස් වෙබ් අඩවිය ලංකාවේ වාරණයකට ලක් කර අැති අතර විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ඒ් වාරණය ඉල්ලා අැත්තේ ජනාධිපති මාධ්‍ය ඒ්කකයෙනි. පසුගිය කාලය පුරාම ලංකා ඊ නිවිස් වෙබ් අඩවිය විසින් ජනාධිපතිවරයාට සහ ඔහුගේ සොයුරු ටෙලිකොම් සභාපති පී.ජී.කුමාරසිංහ අැතුලු පවුලේ අයට ප්‍රහාරාත්මක පුවත් පළ කර තිබේ.

සදරුවන් සේනාධීරගේ මාධ්‍ය විධික්‍රමය සහ අාචාරධර්ම මගහැර යාම සම්බන්ධයෙන් කොතරම් ගැටලු අැති නමුත් මාධ්‍ය අායතනයකට ඒරෙහිව රාජ්‍ය නායකයාගේ බලය භාවිත කිරීම සම්බන්ධයෙන් කිසිවකුට ඒකග විය නොහැකිය.

Chandana Sirimalwatte :