Posted on 07.31.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මාතර – හක්මන හරහා වලස්මුල්ල මාර්ගයේ නාදුගලදී අද(31) පෙරවරුවේ ආරම්භ වූ ජනතා විරෝධතාවක් නිසා මාර්ගය සම්පූර්නයෙන්ම අවහිර වී තිබේ.
තම ප්‍රදේශයේ මාර්ග පහසුකම් නොමැතිකම සම්බන්දයෙන් මෙම ජනතාව විරෝධතා පුවරු රැගෙන විරෝධය දක්වන්නේ මින්පෙර බලධාරින්ට කළ ආයාචනා නිශ්පල වූ බැවිනි. එම හේතුව නිසා මාතර සිට මෙම මාර්ගයේ හක්මන, කඹුරුපිටිය හා වලස්මුල්ල දෙසට ගමන් ගන්නා වාහන සම්පූර්නයෙන් අවහිර වී තිබෙන බව ප්‍රදේශවාසීහු පවසති.