ඊයේ මධ්‍යම පළාත් අාණ්ඩුකාරවරයා ෙලස නම් කළ රෙජිනෝල්ඩ් කුරේ උතුරු පළාතේ අාණ්ඩුකාරයා වශයෙන් යළිත් වරක් නම් කර අැත.
උතුරු පළාත් සභාව පිහිටුවීමෙන් පසුව දිගින් දිගටම දකුණේ දේශපාලනඥයකු මෙම තනතුරට නම්කර අැති අතර 1988 උතුර හා නැගෙනහිර පළාත් සභාව පිහිටුවීමෙන් පසු හමුදා නිලධාරින් මෙම තනතුරට නම් කිරීම විසින් උතුරේ ජනතාව අතර මහත් විරෝධයක් අැති විය. පසුව දේශපාලකයන් ඒම තනතුරට නම් කළද උතුර ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරියකු හෝ සිවිල් පුද්ගලයකු මෙම තනතුරට නම් කිරීමක් කිසිවිට සිදුව නැත. වත්මන් පාලනය අාරම්භ වූ 2015 වසරෙන් පසුව ඒම තත්වය වෙනස් වනු අැතැයි රාජපක්ෂ පාලනයට ඒරෙහිව ඡන්දය දුන් ජනතාව විශ්වාස කළහ. ඒහෙත් මේ වනවිටද සිදුවන්නේ හෙංචයියන්ට දෙන තනතුරක් ලෙස අාණ්ඩුකාර ධුරය පාවිචචි කිරීමයි.