දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරනු – යාපනය සරසවි සිසුන් අඛණ්ඩ උපවාසයක

දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් අද(17) දින යාපනය සරසවි සිසුන් විසින් අඛණ්ඩ උපවාසයක් ආරම්භ කරන ලදි.

ආණ්ඩුව දිගින් දිගටම මෙම ගැටළුවට විසඳුම් ලබා දෙනවා වෙනුවට ගැටළුව උග්‍ර වන ලෙස කටයුතු කිරීම හේතුවෙන් පසුගියදා දේශපාලන සිරකරුවන් තිදෙනෙකු ආරම්භ කරන ලද මාරාන්තික උපවාසය සඳහා සම්පූර්ණ සහය ලබා දෙන බවත් මෙම උපවාසකරුවන් ප්‍රකාශ කර සිටී. එමෙන්ම මෙම අසාධාරණය පදනම් කරගනිමින් අඳුරෙන් ආලෝකයට පැමිණිම ලෙස සළකනු ලබන දීපවාලි උත්සවය මෙවර “කළු දීපවාලි” ලෙස නම් කර සැමරීමට යාපනය විශ්වවිද්‍යාලයීය සිසුන් තීරණය කර ඇත.

පදනම් විරහිතව අසාධාරණ ලෙස සිරගත කර සිටින 130කට ආසන්න දේශපාලන සිරකරුවන් නිදහස් කරන තෙක් අඛණ්ඩව උපවාසයේ යෙදෙන බව යාපනය සරසවි සිසුන් පවසයි.

 

Lahiru Umayangana :