කැටලෝනියාවේ ප්‍රධානීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට එරෙහි විරෝධතා

ඊයේ දිනයේ ස්පාඤ්ඤ මහාධිකරණ විසින් කුටලෝනියානු නිදහස් ව්‍යාපාරයට සම්බන්ධ ප්‍රධානීන් දෙදෙනෙකුට සිර දඩුවම් නියම කිරීමත් සමග කැටලෝනියාවේ ස්වාධීනත්වයට පක්ෂපාතී දහස් ගණන් ජනයා බාසිලෝනා නගරයේ මහා මාර්ගවල විරෝධාත ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන්ගේ ඉල්ලීම වනුයේ වහාම ඊයේ අත්අඩංගුවට ගනු ලැබූ කැටලෝනියාවේ වෙන්වීමේ ව්‍යාපාරය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් දෙදෙනා වහාම නිදහස් කළයුතු බවයි.

ඊයේ දිනයේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැටලෝනියාවේ වෙන්වීමේ ව්‍යාපාරය වෙනුවෙන් පෙනී සිටි විශාලතම දේශපාලන සංවිධානයේ ප්‍රධානී හා කැටලෝනියානු ජාතික මන්ත්‍රණ සභාවේ මහජන නියෝජිත ජෝඩි සාන්චෙස් හා ඔනියුම් සංස්කෘතිය සංගමයේ  ප්‍රධානී ජෝඩි කුයිසාට්ය.

මොවුන් දෙදෙනාට එරෙහිව ස්පාඤ්ඤ මහාධිකරණ විසින් පසුගිය දා පැවැති කැටලෝනියා ජනමත විචාරණය නීති විරෝධී බැවින් එයට පක්ෂව කටයුතු කිරීම මගින් ස්පාඤ්ඤයට විරුද්ධව රාජද්‍රෝහීව කටයුතු කළායැයි චෝදනා එල්ලකොට සිරභාරයට පමුණුවා ඇත.

Madanayaka :