தமிழ்
English
Contact
Saturday 4th May 2019    
සරසවි සිසුවියන් වැඩිහිටියන් ලෙස පිළිගනු - රුහුණ මහා ශිෂ්‍ය සංගමය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සරසවි සිසුවියන් වැඩිහිටියන් ලෙස පිළිගනු – රුහුණ මහා ශිෂ්‍ය සංගමය



රුහුණ විශ්වවිද්‍යාලයීය සිසුවියන් ෙන්වාසිකාගාරයේ ෙවනත් සිසුවියන් හා කතා කිරීම හේතුවෙන් ඔවුන්ගේ මව්පියන් කැදවීමට සහ ඒයට ඒකග නොවීම නිසා විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් කරන්නටත් රුහුණ විශ්වවිද්‍යාල පාලකයන් ගත් තීරණයට මහා ශිෂ්‍ය සංගමය විරෝධය පළ කරයි.

රුහුණු විශ්ව විද්‍යාල පාලකයන් විසින් සරසවි සිසුවියන් සිව් දෙනෙකුගේ දෙමාපියන් විශ්ව විද්‍යාලයට කැඳවීමට ගනු ලැබු තීරණයට විරෝධය පළකරමින් එම  සිසුන් පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක්  ආරම්භ කරණ ලදී. මෙම හේතුව නිසා රුහුණ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය ඊයේ(07) සිට දින නියමයකින් තොරව  වසා දැමීමට උප කුලපති මහාචාර්ය ගාමිණී සේනානායක තීරණය කර අැත. තාක්ෂණ පීඨයේ සිසුන්ට විශ්ව විද්‍යාලයෙන් හා නේවාසිකාගාර වලින් ඉවත්ව යන ලෙස ඊයේ දැනුම් දී තිබූණු අතර යලි එම පීඨය විවෘතකරන තෙක් ඔවුන්ට විශ්ව විද්‍යාල භූමිය තහනම් කලාපයක් බවට පත් කර අැත.
ඒ පිලිබඳව අදහස් දැක්වු රුහුණවි විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති බන්දුල දර්ශන මෙස්ය පැවසීය.

“වෙනත් සිසුවියන්ගේ කාමරයකට අැතුළුවීම වරදක් ලෙස දක්වා අභූත චෝදනා නගමින් විශ්ව විද්‍යාලපාලන අධිකාරිය ඒ සිසුවියන්ගේ දෙමාපියන් විශ්ව විද්‍යාලයටකැඳවා තිබෙනවා. කළ වරදට සමාව ගන්නා ලෙසට ඔවුන්ට දැනුම් දී තිබෙනවා. එහෙත් ඒවැන්නක් වරදක් ලෙස පිලිගෙන සමාව ගන්නට අකමැති වූ නිසා ඔවුන්ට විශ්ව විද්‍යාලයෙන් ඉවත්ව යන ලෙස පාලකයන් විසින් දැනුම් දී තිබෙනවා. මේ චෝදනාවට ලක් වූ සිසුවියන් සිව් දෙනාම අවුරුදු දහ අටට වැඩි අය. ඔවුන්ට සෘජු තීරණ ගන්න පුලුවන් වයසක ඉන්නේ. ඒ නිසා වරදක් ෙනාකළ නිසා ෙචා්දනා කරනවා නම්  විධිමත් ක්‍රමයක් තිබිය යුුතුයි. ඒ් වෙනුවට මව්පියන් කැඳවීම අවශ්‍ය නැහැ. මහා ශිෂ්‍ය සංගමය ලෙස අපි මේ සම්බන්ධව විරුද්ධත්වය පල කරනවා. පාලකයන් විසින් තාක්ෂන පීටය වසා දැමුවේ ඒ් නිසා‘‘