தமிழ்
English
Contact
Sunday 5th May 2019    
පුටින්ගේ ප්‍රතිවාදියා නුසුදුස්සකු බව රුසියානු මැතිවරණ කොමිසම කියයි ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පුටින්ගේ ප්‍රතිවාදියා නුසුදුස්සකු බව රුසියානු මැතිවරණ කොමිසම කියයි !



ලබන වසරේ මාර්තු මස පැවැත්වෙන්නට නියමිත රුසියානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඇලෙක්සි නවෝනි ඒ සඳහා නුසුදුස්සෙකු බව රුසියානු මධ්‍යම මැතිවරණ කොමිසමේ සභාපතිනි ඒලා පැම්ෆිලෝවා විසින් ඊයේ (25) නිවේදනය කර අැත.

මූල්‍ය දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුට පස් වසරක අත්හිට වූ සිර දඬුවමක් නියම වී තිබීම ඊට හේතුව ෙලස රුසියානු මැතිවරණ කෙමාසම ප්‍රකාශ කළද එම චෝදනා දේශපාලන හේතූන් මත ඉදිරිපත් කරන ලද ඒවා බව අපේක්ෂක අැලෙක්සේයි නවෝනි අවධාරණය කරයි. 41 හැවිරිදි ඇලෙක්සි ජනාධිපති පුටින්ට අභියෝග කළ හැකි එකම අපේක්ෂකයා ලෙස විදෙස් ජනමාධය විසින් හදුන්වා දී තිබිණි. රුසියානු මැතිවරණ කොමිසමේ තීරණය සම්බන්ධයෙන් එරට ව්‍යවස්ථාදායක අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව නවෝනි ප්‍රකාශ කර අැත. තම අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප වීමත් සමඟ ලබන මාර්තු මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙසද ඔහු සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලීමක් කළ බව වාර්තා වේ.