විශ්‍රාම ගිය පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට සහ මියගිය මන්ත්‍රිවරුන්ගේ බිරියන්ට ගෙවන විශ්‍රම වැටුප් සහ දීමනා වෙනුවෙන් පසුගිය ජූනි මාසයේ රුපියල් එක්කෝටි අසුහත්ලක්ෂයක් වැය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග හෙළි කරයි.
නිල සංඛ්‍යා අනුව විශ්‍රාමික මන්ත්‍රිවරුන්ට ජූනි මස වැටුප් ලෙස රු.71,11525.00ක්ද සහ දීමනා ලෙස රු.47,10,300.00ක්ද ගෙවා ඇත. එසේම මියගිය මන්ත්‍රිවරුන්ගේ වැන්දඹුවන්ට ජූනි මසදී වැටුප් ලෙස රු.56,08536.00ක්ද සහ දීමනා ලෙස රු.13,77,600.00ක්ද ගෙවා ඇත.