தமிழ்
English
Contact
Sunday 5th May 2019    
දේශපාලනයට පැමිණීමේ කිසිදු අපේක්ෂාවක් නෑ! - කුමාර් සංගක්කාර | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දේශපාලනයට පැමිණීමේ කිසිදු අපේක්ෂාවක් නෑ! – කුමාර් සංගක්කාර



විවිධ කටකතා පැතිර යන නමුත් තමා කිසි දිනෙක දේශපාලනයට නොපැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන කුමාර් සංගක්කාර පවසයි.

ඊයේ (12) සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු දක්වා ඇත්තේ තමන් 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට පැතිරුණු කට කතා අවධානයට ලක් වූ බවත් විවිධ පුද්ගලයින් තමන්ගේ මතයන් ඉදිරිපත් කළ බවත් ඒ මතයන් සියල්ලට තමා ගරු කරන බවකි. එසේ නමුත් තමාෙ දේශපාලනයට පැමිණීමට කිසිදු බලාපොරොත්තුවක් කිසිම දිනෙක නොතිබූ බව පවසන සංගක්ත්කාර ඒ පිළිබද ඇතැමුන් සතු අපේක්ෂා කඩවීම පිළිබද කණගාටුවන බවද අවධාරණය කරයි.

තවදුරටත් සෛ්බුක් සටහනේ ඔහු දක්වා ඇත්තේ ජනතා සේවය ඉතාමත් වැදගත් වගකීමක් බවත් විශ්වාසයෙන් සිදුකළ යුතු වගකීම් සහිත රාජකාරියක් බව සහ දේශපාලනයට හොඳම සහ ගැලපෙනම පුද්ගලයන් තෝරා ගැනීම දුරදිග බලා සිදුකළ යුතු කටයුත්තක් බවයි. අපේක්ෂිත ධනාත්මක සමාජ සහ ආර්ථික වෙනස්කම් එක රැයකින් සිදු නොවන බවද ඔහු සිය සටහනෙන් පෙන්වා දෙයි.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් පසු තමාගේ පළමු අරමුණ වූයේ තමාගේ පවුල සඳහා අවධානය යොමු කිරීම බව පවසන හිටපු ක්‍රිකට් නායකයා ඉදිරියට පරිත්‍යාගශීලීන් සමඟ එකතු වී සමාජ සේවා කටයුතු ඉදිරියට ගෙනයාමේ බලාපොරොත්තුවක් ඇති බවද එහිදී දේශපාලඥයන්ගේ යහපත් වැඩ සඳහා තමාගේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවද ප්‍රකාශ කර තිබේ.