වසර 13 ක සහතික කළ අධ්‍යාපන වැඩසටහන වශයෙන් අධ්‍යාපන අැමති අකිල විරාජ් විසින් හදුන්වා දුන් ක්‍රමය පාසල් අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමේ සැලැස්මක් බව අධ්‍යාපන අැමති සහ ඒක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් විසින් ජනමාධ්‍ය හමුවක් මගින් හෙළිදරව් කර තිබේ.
අධ්‍යාපන අැමතිගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබද සාකච්ඡාවට අධ්‍යාපන රාජ්‍ය ලේකම්වරයා ඇතුලු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් ද රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ. මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීමට පිළිගත් පෞද්ගලික ආයතන රැසක සහයෝගය ලබාගැනීමට තීරණය කළ බව අැමති අකිල විරාජ් කාරියවසම් ඒහිදී ප්‍රකාශ කළේය. ඒ වෙනුවෙන් ඉදිරිපත් වූ ආයතන වෙත ස්තුතිය ප්‍රකාශ කළ අධ්‍යාපන අැමතිවරයා මෙම වැඩසටහන ඉදිරියට ගෙනයාමේ කටයුතුවලදී රජයේ ආයතන සහ පෞද්ගලික ආයතන සැලසුම් සහගතව සාමූහිකව ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බව ද පෙන්වා දුන්නේය.
මෙම සාකච්ඡාව සඳහා Esoft Metro Campus, AMW ආයතනය, NSBM, NIBM, නවලෝක රෝහල සහ මාගා ඉංජිනේරු සමාගම යන පෞද්ගලික අායතනවල නියෝජිතයන් සහභාගි කරවාගෙන තිබිණි. ඊට අමතරව ජාතික අධ්‍යාපන ආයතනය, ශ්‍රී ලංකා ටෙලිකොම්, පොල් සංවර්ධන මණ්ඩලය, පේරාදෙණිය කෘෂි කර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස ආයතනය, ලංකා විදුලි බල මණ්ඩලය, ජාතික තරුණ සේවා සභාව, ටවර්හෝල් රඟහල පදනම, ජාතික ශිල්ප සභාව, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය, රෙදිපිළි හා අැගලුම් අධ්‍යයන අායතනය ඇතුළු රජයේ සහ අර්ධ රාජ්‍ය ආයතන රැසක නිලධාරීන්ද සහභාගි වී තිබිණි.
සාමාන්‍යයෙන් පළමුවැනි වසරට අැතුළත්වන දරුවකු පාසල් අධ්‍යාපනය අවසන් කරන්නේ නම් අනිවාර්යයෙන් වසර 13ක් පාසල් කාලය ගෙවිය යුතුය. ඒහෙත් අාර්ථික ගැටලු හා ෙවනත් සමාජ අාර්ථික ගැටලු නිසා දරුවන් පාසල් හැරයාම විශාල ගැටලුවක්ව තිබේ. පාසල්වල මුදල් අයකිරීම නිසා ඒසේ පාසල් හැරයාම පමණක් නෙවා පාසල් හැර නොගියද අධ්‍යාපන වියදම දරා ගත නොහැකිව සියදිවි නසාගන්නා මට්ටමටම මව්පියන් පීඩා විදී. ඒ් සම්බන්ධ අාණ්ඩුව අවධානය යොමු කරන්නේ නම් කළ යුත්තේ පාසල් අධ්‍යාපනයට මුදල් අයකිරීම නවතා දමා අයවැයෙන් පොරොන්දු වූ පරිදි 6%ක ප්‍රතිපාදන අධ්‍යාපනයට වෙන්කර මව්පියන් ඒහි බරින් නිදහස් කිරීමය. ඒහෙත් අධයාපන අැමතිවරයා විසින් මෙසේ ’13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන’ ලෙස අලුතින් කරන්නට යන්නේ පාසල් හැර යන දරුවන් හෝ මව්පියන්ට අධ්‍යාපන බර අඩු කිරීම නොවේ. ඒ් වෙනුවට පාසල් හැරයාම දිරි ගන්වමින් රැකියා ඉලක්ක කළ විෂය ධාරා පාසල් තුළට ගෙනැවිත් නිදහස් අධ්‍යාපනයේ පරමාර්ථ වෙනුවට අාණ්ඩුවේ නවලිබරල් අාර්ථික ඉලක්ක වෙනුවෙන් පාසල් දරුවන් රොබෝවරුන් කිරීමය.
ඒ් යටතේ පාසල් සිසුන්ට කොණ්ඩ මෝස්තර, සූප ශාස්ත්‍රය, ගෘහ අලංකරණය, සංචාරකයන්ට සත්කාරක සේවා සැපයීම අැතුළු ක්ෂේත්‍ර ඔස්සේ විෂයන් 26ක් හදුන්වා දීම සිදුකරයි. ‘ප්‍රායෝගික වැඩ ලෝකයට ගැළපෙන වෘත්තීය විෂයන්’ ලෙස මෙම විෂයයන් පාසල් විෂයමාලාවට එක්කර අැත. තෝරාගත් විෂයයට අදාළ වෘත්තීන් හෝ උසස් අධ්‍යාපන ප්‍රවේශයන් කරා ළගා වීමට අවශ්‍ය නිපුණතා හා කුසලතා ලබා ගැනීම මෙහිදී දිරිමත් කරන බව කිවද අැත්ත වශයෙන්ම මෙය පාසල් අධ්‍යාපනයෙන් අපේක්ෂිත දැනුම, කුසලතා, අාකල්ප යන අරමුණු විතැන් කරවා රැකියා අභිමුඛ අධ්‍යාපනයක් වෙත සිදුකරනු ලබන සැළකිය යුතු වෙනස්කමක් බව පෙනී යයි. නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය හා ඒකාබද්ධව ක්‍රියාත්මක පුහුණුව ලබා දෙන ආයතන මගින් පැවත්වීමටත් ඒ මඟින් ආවරණය නොවන වෘත්තීය විෂයයන් වෙනත් රජයේ සහ පිළිගත් පෞද්ගලික ආයතන මගින් සිදු කිරීමටත් යෝජනා වී තිබේ. සිසුන්ට තෝරාගත් විෂයයට අදාළ ප්‍රායෝගික පුහුණුව ලබාදෙන්නේ ‘නූතනත්වයට ගැළපෙන පරිදි’ බවත් එහිදී පෞද්ගලික අංශය සහාය කරගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ වෙබ් අඩවියේම අැතුළත්වන ’13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන’ පිළිබද හැදින්වීමේදී සදහන්ව තිබේ.
මේ වනවිටත් මෙම වෘත්තීය විෂය ධාරා යටතේ දියත්කර අැති පළමු අදියර යටතේ පාසල් 42 ක අ.පො.ස (සා.පෙළ) සමත් / අසමත් සිසුන් 2,400 ක් මෙම වැඩසටහනට ඒක් කරවා අැත. ඒසේම වැඩසටහනේ දෙවන අදියර 2018 මැයි මස අවසන් වීමට පෙර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් ඒහිදී තවත් පාසල් 150 ක සිසුන් 14,000 කට වෘත්තිය විෂය ධාරාව යටතේ අධ්‍යාපන කටයුතුවලට යොමු කරන බවද අධ්‍යාපන අැමති අකිල විරාජ් පවසයි. මෙසේ සාමාන්‍ය ජනයාට අැති අධ්‍යාපන අවශ්‍යතා, පවතින සමාජ අාර්ථික ගොහොරුවේ වෙළදපොළ අරමුණු ඔස්සේ තල්ලු කිරීමටත් පාසල් අධ්‍යාපනය වෙත ෙපෟද්ගලික අංශය කැදවීමටත් වත්මන් අාණ්ඩුව කටයුතු කරමින් සිටින බව පැහැදිලි වේ.