මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘කූඹියෝ‘ ටෙලි නාට්‍යයේ ඔස්ටින් නමැති පාතාල නායකයාගේ චරිතය රගපාන ප්‍රවීන මාධ්‍යවේදියකු සහ රංග ශිල්පියකු වන සේනක ටයිටස් අභාවයට පත් විය.
ජනප්‍රිය රංග ශිල්පී ජැක්සන් ඇන්තනිගේ වැඩිමල් සොයුරා වන ඔහු ගිනි අවි සහ ගිනි කෙලි ආදී ටෙලි නාට්‍ය රැසකද, අබා, ඇඩ්රස් නෑ ඇතුළු සිනමා කෘති රැසකද චරිත නිරූපනය කර තිබේ.
1970 දශකයේ අග භාගයේ මල්ටිපැක්ස් ආයතනයෙන් මාධ්‍ය ක්‍ෂේත්‍රයට අවතීර්ණ වූ ඔහු ‘රංකැටි‘ ළමා පුවත්පතේ සමාරම්භක ප්‍රධාන කර්තෘ වරයාය.
රංග කාර්යයක් සදහා විදේශගතව සිට නැවත ලංකාවට පැමිණෙමින් සිටිය දී සිංගප්පූරු ගුවන්තොටුපළේ දී දැඩි ලෙස රෝගාතුර වූ ඔහු එහි රෝහලකට ඇතුළත් කොට ප්‍රතිකාර ලබන අතර මියගොස් තිබේ. දේහය ශ්‍රී ලංකාවට ගෙන ආ පසු රාගම, පොඩිවිකුඹුර නිවසේ තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.