Posted on 06.17.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
විපක්ෂයට ඒක්වූ අැමති 16 දෙනාගේ කල්ලිය තම බල අරමුනු වෙනුවෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ දෙකඩ කිරීමේ ක්‍රියාවලියක නිරතවන බවට ඒම පක්ෂයේ මන්ත්‍රිවරු අතර සැකයක් මතුව තිබේ.
ගම්පහ දිස්ත්‍රික් පාර්ලමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග උඩුගම්පොල ප්‍රදේශයේදී මේ බව සඳහන් කළේය. පසුගිය පාර්ලීමේන්තු මැතිවරණයේදී විපක්ෂයේ වැඩිම බයක් හිමිකරගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති කළ යුතු බව ඔවුන් විසින් සඳහන් කළ බව පෙන්වා දෙන රණගුංග මන්ත්‍රිවරයා පවසන්නේ අවුරුදු තුනකින් පසු ආණ්ඩුවෙන් ඉවත්වු 16 දෙනාගේ කණ්ඩායම එය තේරී ඇති බවකි. කෙසේවෙතත් මේ වනවිට මතුව අැති ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිලිබද විපක්ෂයට අලුතින් ඒක්වූ අයගේ අදහස් ඒතරම් වැදගත් නොවන බවද රටේ ජනාතාවට අවශ්‍ය වේලාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඒම අපේක්ෂකයා නම් කරනු ඇති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර කලුතර දිස්ත්‍රික් මන්ත්‍රි කුමාර වෙල්ගමද 16 කල්ලියට ඒරෙහිව යුද ප්‍රකාහ කර අැත. 16 දෙනාගේ කණ්ඩායම විපක්ෂයට පැමිණියත් ඔවුන් තවමත් මෙෙත්‍රිපාල සිරිසේන නායකයා ලෙස පිලිගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලතල දරමින් සිටින බව ඔහු පවසයි. ඒම කණ්ඩායමේ වැඩි දෙනෙකුගේ කැමැත්ත මීළඟ ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන ඉදිරිපත් වීම බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. ඔහු තවදුරටත් පවසන්නේ ඔවුන්ගේ දෙබිඩි දේශපාලනය සාර්ථක නොවන බව සහ පොදුජන පෙරමුණත් සමඟ එක් වන්නේනම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරිපත්කරන අපේක්ෂකයෙකුට සහය දිය යුතු බවත්ය.