Posted on 08.24.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
හවුල් ආණ්ඩුව විසින් නව පරපුරේ කලාකරුවන් තිදෙනෙකුගේ කලා කෘති වාරණය කිරීම සහ ප්‍රකාශන නිදහස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරන මාධ්‍ය හමුවක් ඊයේ(23) කොළඹදී පැවැත්විණි.
අසංක සායක්කාරගේ ‘මං කෙළින් මිනිහෙක්‘ නාට්‍ය, ශ්‍රීනාත් චතුරංගගේ ‘බුදුන්ගේ රස්තියාදුව“ කෘතිය සහ මාලක දේවප්‍රියගේ ගුවන් විදුලි නාට්‍ය වාරණය කරමින් ආණ්ඩුව ගෙන යන ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාදාමය සම්බන්ධයෙන් කලාකරුවෝ රැසක් එහිදී අදහස් පළ කළහ.
එසේම වත්මන් ආණ්ඩුව බලයට පැමිණෙන විට ‘ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය‘ අහෝසි කරන බවට දුන් පොරොන්දුව ඉටු කරනවා වෙනුවට එම ආයකනය හරහා කලාකෘති වාරණය කිරීම පිළිබද කලාකරුවෝ දැඩි විරෝධයක් පළ කළහ.
“කලා කෘති වලට එල්ල කෙරෙන පාලකයන්ගේ මර්දන තර්ජන පරදවමු!“ සහ “කලාවේ නිදහස වෙනුවෙන් එක්වෙමු!“ යන තේමා පාඨ එහිදී ඉදිරිපත් කරණ ලදී.
‘වාරණයේ උදහසට එරෙහිව කලාවේ නිදහස’ යන තේමාවෙන් කැදවන ලද මේ මාධ්‍ය හමුවේදී අදහස් පළ කරමින් ආණ්ඩුවේ වාරණයට විරෝෙධය දැක්වූ කලාකරුවන්, වාමාංශික ක්‍රියාකාරින් සහ විද්වතුන් මෙසේය
එසේම මේ අවස්ථාවේදී ආණ්ඩුවේ කලා වාරණයට විරෝධය දක්වමින් චාන්දනී සෙනෙවිරත්න, දමයන්ති ෆොන්සේකා, කත්‍යානා අමරසිංහ, හෙන්රි වර්ණකුලසූරිය, මොහන්රාජ් මඩවල, ජයන්ත අමරසිංහ, අජන්ත අලහකෝන්, සහන් කසීර වික්‍රමසිංහ, කළණ ගුණසේකර, නදී වාසලමුදලිආරච්චි, මලිත් හෑගොඩ, ප්‍රියාන් අර්. විජේබණ්ඩාර, රවින්ද්‍ර පුෂ්පකුමාර, චන්දන සිරිමල්වත්ත ආදි වශයෙන් තවත් කලාකරු, මාධ්‍යවේදී සහ සමාජ ක්‍රියාකාරිහු රැසක් සහභාගි වූහ.