தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
සමාජ මාධ්‍ය පාලනය සදහා කැබිනට් මණ්ඩලයේ තීරණයක් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

සමාජ මාධ්‍ය පාලනය සදහා කැබිනට් මණ්ඩලයේ තීරණයක් !



සමාජ ජාලා මාධ්‍ය මගින් අාණ්ඩුවට ඒල්ලවන අභියෝගයට මුහුණ දෙන්නට නිතිමය තත්වයන් උපයෝගි කරගැනීමට දරණ උත්සාහය අප්‍රේල් 3 වැනිදා කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද නිරූපණය වී තිබේ.

අැමති මණ්ඩලය විසින් කළ සාකච්ඡාවකට අනුව, කැබිනට් තීරණ දැනුම්දීමේදී ‘අසත්‍ය තොරතුරු හා අපහාසාත්මක පළකිරීම් සිදු කරනු ලබන තැනැත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම’ යන ශීර්ෂයෙන් සටහන් කර අැත්තේ සමාජ ජාලා මගින් සිදුකරනු ලබන අදහස් පළ කිරීම් පාලනය කිරීමේ හා දඩුවම් දීමේ ක්‍රියාවලියක අවශ්‍යතාවයයි. කෙසේවෙතත් නව නීති හදුන්වාදීම සම්බන්ධ වෙනම ක්‍රියාදාමයක් සදහා අාණ්ඩුව විශේෂ කණ්ඩායමක් යොදවා අැත. ඒ් අතර ම පවතින සාමාන්‍ය නීති යටතේ සමාජ මාලා තුළ වරදකරුවන්ට ඒරෙහි පියවර ගැනීම අවශ්‍ය බවට අැමතිවරු අවධාරණය කර අැත.

ඒ්නිසා, සමාජ මාධ්‍ය ජාල, විවිධ වෙබ් අඩවි ඇතුළු ඉලෙක්ට්‍රොනික මාධ්‍ය සහ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු බෙදාහරිනු ලබන සහ අපහාසාත්මක පළ කිරීම් සිදු කරනු ලබන තැනැත්තන්ට එරෙහිව පවතින නීතිමය රාමුව තුළ ගත හැකි පියවර සම්බන්ධයෙන්  නිර්දේශ ඉදිරිපත් කරන ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය, විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍යාංශය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව යන ආයතන වෙත දැනුම් දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ.