ලංකාවේ ක්‍රීඩකයන්ට පහසුකම් සලසා නොදුන් ක්‍රීඩා අධ්‍යක්ෂ ගෙදර යවයි?

දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ක්‍රීඩා උපදේශකයින් සඳහා ප්‍රමාණවත් නේවාසික පහසුකම් සැලසීමට පොහොසත් වීම වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවය අත්හිටුවා තිබේ.

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් මේ සම්බන්ධ නියෝගය දී ඇති බව ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය  කළේය. අද (5) දින ආරම්භ වීමට නියමිත දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල සඳහා ලංකාව නියෝජනය කරමින් සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ක්‍රීඩා උපදේශකයින් සඳහා අවශ්‍ය නේවාසික පහසුකම් නිසි පරිදි සැලසීමට පොහොසත් වීම අදාළ ඉවත් කිරීමට ආසන්නතම හේතුව බව සඳහන්ය.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ක්‍රීයා කලාපය හේතුවෙන් රට නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පත්වූ අපහසුතාවයන් සලකා බලා වහාම ක්‍රියාත්මක වන පරිදි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවය අත්හිටුවීමට තීරණය කර ඇති බව අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත

Chandana Sirimalwatte :