தமிழ்
English
Contact
Sunday 5th May 2019    
පාඩු ලබන 'ශ්‍රිලන්කන්' ලොක්කෝ මිලියන ගණනින් පඩි සහ වරප්‍රසාද අරන්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පාඩු ලබන ‘ශ්‍රිලන්කන්’ ලොක්කෝ මිලියන ගණනින් පඩි සහ වරප්‍රසාද අරන්!



බිලියන ගණනින් පාඩු ලබමින් පවත්වාගෙන යන ශ්‍රිලන්කන් ගුවන්සේවයේ ප්‍රධාන විධායක නිලධාරි සුරේන් රත්වත්තේ මසක වැටුප ලෙස රු. ලක්ෂ 32ක් ලබාගෙන ඇති බව වාර්තා වේ.

ශ්‍රිලන්කන් ආයතනයේ නව අධ්‍යක්ෂ මණ්ඩලයක් වත්මන් ආණ්ඩුව බලයට පත්වී මසක් තුළ එනම් 2015 පෙබරවාරියේ පත්කර සුරෙන් රත්වත්තේ එහි ප්‍රධාන විධායකයා බවට පත්කරන ලදී. එහෙත් පසුගිය වසර තුන පුරාම ුවන් සමාගම ලැබූ පාඩුව ඉහළ ගියා මිස කිසිදු වාසිදායක තත්වයකට පෙරලා න්නට නොහැකි විය. ඒ නිසාම රටේ පාලනය භාරගත් ආණ්ඩුවේ නායකයන් සේම ඔවුන් පත් කළ ගුවන් සමාගමේ නව පාලනයට එහි වර්ධනයක් අත්පත් කරගන්නට නොහැකි බව සනාථ විය.  තොරතුරු දැනගැනීමේ පනත යටතේ ගුවන් නියමු සංසදය විසින් ශ්‍රිලන්කන් ගුවන්සේවා තොරතුරු නිලධාරියාට කළ ඉල්ලීම ඉටු කරන ලෙස තොරතුරු කොමිසම දුන් නියෝගය මත ඉදිරිපත් කළ තොරතුරු අනුව සුරේන් රත්වත්තටෙ මාසිකව මූලික වැටුප ලෙස රු. 3, 270,000ක් ගෙවා ඇත. ඊට අමතරව ඔහුට වෙනත් දීමනා සහ වරප්‍රසාද රැසක්ද ගුවන් සමාගමේ වියදමින් ලබා දී ඇත. ඒ අතර සමාගම විසින් ඉන්ධන හා රියදුරකු සපයමින් වාහනයක් බා දී ඇති අතර සමාජශාලා සාමාජිකත්වය, පවුලේ සැමට වසරකට රු.5000ක් බැගින් වෛද්‍ය ප්‍රතිකාර දීමනාවක් සහ ගුවන් ගමන් වියදම් යන සියල්ල අමතර වරප්‍රසාද ගනයට අයත්ය. එසේම ගුවන් ගමන් පුහුණුව සදහා තවත් රු. 3,750,000ක වියදමක්ද දරා ඇත්තේ ශ්‍රිලන්කන් සමාගම විසිනි.

ඔහුට අමතරව ප්‍රධාන වානිජ නිලධාරිවරයා ලෙස මූලික වැටුප රු. 1,900,000ක් සහ මාසික දීමනා ලෙස රු. 250,000ක්  ගෙවා ඇත. ඊට අමතරව ඔහුටද ප්‍රධාන විධායක නිලධාරියාට හිමිවන අමතර වරප්‍රසාද ලබා දී ඇත. එසේම ශ්‍රි ලන්කන් මානව සම්පත් කලමනාකරුට රු. 990,000ක් රුත 12,000ක මාසික දීමනාවක් සහ රු. 3,500 විනෝද දීමනාවක්, ඉන්ධන සහ දුරකථන දීමනා ලබා දී ඇත.

මෙම තොරතුරු අනාවරණය කරන ලෙස ඉල්ලා ශ්‍රිලන්කන් ආයතනයේ තොරතුරු නිලධාරියාට ලබා දුන් අයදුම් පත්‍ර ප්‍රතික්සේප කිරිමෙන් පසුව තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්ෂිත කරන ලෙස ඉල්ලා තොරතුරු කොමිසමට කළ අභියාචනය පිළිගැනීම නිසා සමාගම විසින් මෙම තොරතුරු ලබා දෙන්නට කටයුතු කර ඇත.