தமிழ்
English
Contact
Sunday 5th May 2019    
යතුරුපැදිකරුට වෙඩිතැබූ පොලිසිය රකින්න විශේෂ කාර්ය බලකාය කැදවයි ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

යතුරුපැදිකරුට වෙඩිතැබූ පොලිසිය රකින්න විශේෂ කාර්ය බලකාය කැදවයි !



රාත්‍රයේ යතුරු පැදියකින් ගමන් කරද්දී පොලිස් වෙඩි පහරට ලක්ව මිය ගිය කතරගම ප්‍රාදේශීය සභා සේවකයාට වෙඩිතැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධරයා ජනවාරි 30වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කතරගම මහේස්ත්‍රාත්වරයා අධිකරණය අද(21) නියෝග කළේය.
ඊයේ රාතිරධනා මෙම තරුණයා යතුරු පැදියකින් ගමන් ගන්නා අවස්ථාවේ දි රාත්‍රි මුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරියකු විසින් වෙඩි තැබීමෙන් ඔහු මියගියේය. පොලිසිය නවත්වන්නට කී අවස්ථාවේ මද දුරක් ගොස් නතර කරනවාත් සමග පොලිස් නිලධාරියා වෙඩි තැබු බව යතුරු පැදියේ පසු පස ගමන් ගත් දැනට තුවාල ලබා කතරගම දිසා රෝහලේ ප්‍රතිකාර අංශයේ සිටි ආර්. නුවන් අනාවරණය- කර තිබිණි
මිය ගිය නිරෝෂන් මහතාගේ හිසට වෙඩි වැදි බරපතල තුවාල සිදුවී මිය ගොස් ඇති අතර මෙම වෙඩි තැබීමත් සමග කුපිත වු කතරගම ජනයා අද අලුයම කතරගම පොලිසියට පැමිණ පොලිසියේ විදුරු ජනේල්වලට පහර දී ජිප් රථයකටද අලාභ හානි කළහ.
එහිදී පොලිසිය විසින් කදුළු ගෑස් ගසමින් අහසට වෙඩි තබා ගම්වාසින් පළවා හැරීමට ක්‍රියා කළ අතර පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය කැදවා පොලිසියට රැකවරණය ලබා දෙනු ලැබීය.