බෞද්ධ දර්ශනය විෂය කප්පාදුව අැතුලු වි්‍ශ්ව විද්‍යාල අධ්‍යාපන ගැටලු මුල් කරගෙන අප්‍රේල් 26 වැනිදා පැවති ශිෂ්‍ය විරෝධතාවක් අතරතුරදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශිෂ්‍ය භික්ෂු හිමි නම ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් 10 දෙනා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(4) නියෝග කර තිබේ.
නිදහස් අධ්‍යාපන අයිතින් කප්පාදුවට ඒරෙහිව විරෝධය දැක්වීම නිසා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන චෝදනා ගොනු කිරීම නිසා එක් අයෙකු රුපියල් 10,000 බැගින් වූ මුදල් ඇපයක් සහ ලක්ෂ 05 බැගින් වූ ශරිර ඇපයක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර නියෝග කළේය. මේ අාකාරයට අැප ලබා දෙන්නට පෙර, මින් ඉදිරියට “කලහාකාරි ලෙස හැසිරීමෙන් වැලකී සිටින ලෙස” ද මහේස්ත්‍රාත්වරයා අදාළ සිසුන්ට අවවාද කර ඇත. යළි ජුලි 06 වනදා මෙම නඩුව කැඳවිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර තිබේ.
පසුගිය 26 වනදා පැවැති විරෝධතාවක් අතරතුර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට බලහත්කාරයෙන් ඇතුළුවිම සම්බන්ධයෙන් අදාළ සිසුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.