தமிழ்
English
Contact
Saturday 4th May 2019    
ස්වර්ණාභරණ කොල්ලයේ සැකකරු රාජපක්ෂ ක්‍රමයට මරා දැමුවාද? | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ස්වර්ණාභරණ කොල්ලයේ සැකකරු රාජපක්ෂ ක්‍රමයට මරා දැමුවාද?



මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ අලෙවිසැලක් මංකොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (22) අත්අඩංගුවට පත්වූ චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර නම් සැකකරු අද (23) උදැසන පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වී තිබෙනවා.

සැකකරු විසින් සඟවා තිබූ බෑගයක් පෙන්වීමට අද උදයේ මාතර – කිරලකැළේ ප්‍රදේශයට පොලීසිය විසින්  ඔහු කැදවා ගෙන ගොස් අැති අතර ඒහිදී ඔහු ඒම බෑගයෙන් ගත් අත්බෝම්බයක් පොලීසිය දෙසට එල්ල කිරීමට උත්සාහ කළ බවත් පසුව පොලස් නිලධාරියෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවත් පොලීසිය පවසයි. ඉන්පද්ව සැකකරු මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි. ඒ් සමගම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම සැකකරු සම්බන්ධ චෝදනා රැසක් ඉදිරිපත් කරයි. වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මොහු කොස්ගොඩ තාරක නම් පාතාල කල්ලි නායකයාගේ ගෝලයෙක් බවද කොල්ලය සම්බන්ධයෙන්  කොස්ගොඩ තාරක සහ ඔහුගේ සහෝදරයකුද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබන බවද ඔහු කියයි.

මෙහිදී මතුවන ගැටලුවක් නම් මිනිමැරුමක සැකකරුවකු ලෙස මෙම පුද්ගලයා රැගෙන යාමේදී නියමිත නීතිමය පිළිවෙත් අනුගමනය කර අැතිද යන්නය. අත්අඩංගුවට ගන්නා සැකකරුවන් කිසිදු සාක්සියක් ඉතරි නොකර ඝාතනය කිරිම මින් පෙර මුලින්ම සිදුව අැත්තේ 1988-89 වැනි ඒ.ජා.ප. මිනිමරු භීෂණයක් පවත්වාගෙන යද්දී බව අමතක කළ නොහැකිය. ඉන්පසුව ‘සැකකරුවන් අායුධ පෙන්වන්නට ගෙනයාම” නමැති කෘර ජවණිකාව නිර්මාණය කෙරුණේ මහින්ද රාජපක්ෂ පාලනය සමයේදීය. සැකකරුවන් අායුධ පෙන්වන්නට කැදවා ගෙන යනවා යනු ඔහු මරා දැමීමේ සැලැස්මට බවට සාමාන්‍ය ජනතාව අතර ප්‍රසිද්ධ කාරණයක් විය. ප්‍රජාතන්ත්‍රවාදය,  යහපාලනය හා නිතියේ අාධිපත්‍ය වෙනුවෙන් 2015 රාජපක්ෂ කල්ලිය පරාජය කල ජනතාවට යුක්තිය පිලිබද අවසන් අපේක්ෂාද මරා දමමින් තිබේ.