එළඹෙන 25වන දින පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති දේශීය ආදායම් පනත් කෙටුම්පතට විරෝධය පළකරමින් දේශීය අදායම් සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින් සිදු කිරීමට නියමිතව තිබු වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
එම කමිටුව සහ මුදල් ආමත්‍ය මංගල සමරවීර, රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න සමඟ සිදු කරන ලද සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
අදාළ පනත් කෙටුම්පත් 25වන දින පාර්ලිමේන්තුවේ සම්මත කර නොගන්නා බවට පොරොන්දු වීමෙන් අනතුරුව මෙම වර්ජනය තාවකාලිකව අත්හිටවූ බව එම කමිටුව පවසා සිටී.
මෙම පනත් කෙටුම්පත තුල බදු පරිපාලනයට අදාළ අයහපත් වගන්ති ඇතුලත් බවත් එයට විරෝධය දක්වමින් හෙට(24) දින වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට යොමුවන බව මින් පෙර ප්‍රකාශ කර තිබුණි.