ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ ඩිප්ලෝමාධාරින්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සදහා පසුගිය 21 වැනිදා අරලියගහ මන්දිරයේ පැවැති උත්සවය රජයේ ප්‍රචාරක කටයුත්තක් බවට පත් කරගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත.
2014/2016 අධ්‍යයන වර්ෂවල ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල පාඨමාලා හදාරා අවසන් කළ ඩිප්ලෝමාධාරීන් 3736 දෙනෙකුට ගුරුපත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාව අගමැති රනිල් වික්‍රමසිංහගේ සහභාගිත්වයෙන් අරලියගහ මන්දිරයේදී පවත්වමින් මෙසේ දේශපාලන වාසි සදහා ආණ්ඩුව භාවිත කර ඇත. දිවයින පුරා අධ්‍යාපන විද්‍යාපීඨ 19ක ජාතික අධ්‍යාපන විද්‍යා ඩිප්ලෝමා පාඨමාලා පවත්වන අතර සුදුසුකම් සපුරා විභාග සමත්වීමෙන් බදවාගනු ලබයි. ඔවුන් දෙවසරක් අධ්‍යාපන විද්‍යාපීඨවල විවිධ අඩුපාඩු මැද න්‍යායික හා ප්‍රායෝගික අධ්‍යාපනයෙන් සහ වසරක සීමාවාසික පුහුණුවෙන් පසුව අනිවාර්යයෙන් පත්වීම් ලැබිය යුත්තන් මිස ආණ්ඩුවෙන් පත්වීම් ලබා දියයුතු පිරිසක් නොවේ.
දේශපාලන ප්‍රචාරය සදහා බාල උපක්‍රම පාවිච්චි කිරීම නිසා ජනතා අප්‍රසාදයට පත් මහින්ද රාජපක්ෂ පාලනය පට්ටා ගසමින් බලයට පැමිණී රනිල් මෛත්‍රි පාලනයද දේශපාලන වාසි සදහා සියලුම බාල උපක්‍රම භාවිත කරමින් සිටී.
Save