ඒක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරු සිරිකොතට කැදවයි !

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව සහ පළාත් පාලන ආයතනවලට තේරී පත්ව සිටින සභිකයින් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් අද(18) පෙරවරු 11.00 සිට සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වෙන බව වාර්තා විය. ඉන්පසුව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ද අද පස්වරුවේ අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය. මෙම විශේෂ රැස්වීමේ දී වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව සහ විශේෂයෙන් හෙට රැස්වීමට නියමිත පාර්ලිමේන්තුවේදී  කටයුතු කල යුතු අාකාරය පිළිබඳව අවධානය යොමුකිරීමට නියමිතය.

Chandana Sirimalwatte :