தமிழ்
English
Contact
Saturday 4th May 2019    
බදුල්ල විදුහල්පතිනියට නැවතත් මරණ තර්ජන කරලා ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බදුල්ල විදුහල්පතිනියට නැවතත් මරණ තර්ජන කරලා !



බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය, ආර්. භවානි විසින් අද(18) කැදවූ මාධ්‍ය හමුවක් අමතමින් තමාට මරණ තර්ජන එල්ල වී ඇති බව ප්‍රකාශ කර සිටියාය.
ඇගේ විද්‍යාලයට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් නිර්දේශ කළ සිසුවියක් ඇතුළත් කර නොගැනීම නිසා ජනවාරි 3වැනිදා මහඇමති විසින් විදුහල්පතිනි සිය නිවසට ගෙන්වා දණ ගැස්වූ බවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකට චෝදනා එල්ල විණි. එහිදී ආණ්ඩුවට මහත් විරෝධක් එල්ල වූ අතර පෙබරවාරි පළාත්පාලන මැතිවරණයේදී එය ප්‍රධාන මාතෘකාවක්වන බවට කරුනු පෙළ ගැසුණි. මෙම අවාසිදායක තත්වය මත ප්‍රධාන ඇමතිවරයා පළාත් අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවවරයා උපදෙස් දුන් අතර පරීක්ෂණ කිහිපයක්ම ආරම්භ කළ බවට ප්‍රකාශ කෙරිණි. කෙසේ වෙතත් අදාල විදුහල්පතිනිය සහ ගුරු සංගම් අද මාධ්‍ය හමුවක් පවත්වමින් එම පරීක්ෂණ සිදුවන ආකාරය සැක සහිත බව සදහන් කළාය.