මේ දිනවල ආණ්ඩුව විසින් විවිධාකාරයෙන් කලාත්මක නිර්මාණ මර්දනයට හා වාරණයට ලක් කිරීමේ ප්‍රවණතාවක් ඇති බැවින් ඊට එරෙහිව වහා හඩ නැගිය යුතු බව දිවයිනේ ප්‍රමුඛ කලාකරුවන් හා වාමාංශික ක්‍රියාකාරින් අදහස් දක්වා ඇත.
මෙම අදහස් ජනමාධ්‍ය හමුවේ තැබීම සදහා මාධ්‍ය හමුවක් සදහා හෙට (23) සවස 2.00ට කොළඹ 10, ඩීන්ස් පාරේ, සමාජ හා සාමයික කේන්ද්‍රයට (CSR) පැමිණෙන ලෙස සංවිධායකයෝ කලාකරුවන්ට මෙන්ම කලාවේ නිදහස අගය සියලු වගකිවයුතු පාර්ශවවලින් ඉල්ලා සිටී.
‘වාරණයේ උදහසට එරෙහිව කලාවේ නිදහස’ යන තේමාවෙන් ඒකරාශිවන ඔවුහු “කලා කෘති වලට එල්ල කෙරෙන පාලකයන්ගේ මර්දන තර්ජන පරදවමු!“ සහ “කලාවේ නිදහස වෙනුවෙන් එක්වෙමු!“ යන සටන්පාඨ ඉදිරිපත් කරයි.