පළාත්පාලන මැතිවරණයෙන් පසු කාන්තා නියෝජනය ගැටලුවක් වෙලා !

පළාත්පාලන මැතිවරණය සම්බන්ධයෙන් ප්‍රකාශ කරනු ලැබූ ප්‍රමුඛ සංශෝධනයක් වූ පළාත් පාලන ආයතනවල 25% ක කාන්තා නියෝජනය ලබාදීම අර්බුදයක් බවට පවත්ව ඇත.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය  පවසන අාකාරයට පසුගිය පළාත්පාලන මැතිවරණ පනත් සංශෝධනයේදී සෑම පලාත් පාලන ආයතනයකම 25%ක කාන්තා නියෝජනය අනිවාර්ය කර ඇතත් මන්ත්‍රීවරුන් පත්ව ඇති ආකාරය අනුව එවැනි නියෝජනයක් ලබා දෙන්නට හැකියාවක් නැත.

දේශපාලන පක්ෂ නියෝජිතයන් සමග ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ෙම් බව පැවසීය. ඔහු ඒම පක්ෂ නියෝජිත සාකච්ඡාවේදී පවසා තිබුණේ පළාත්පාලන මැතිවරණ පනත යළිත් සාකච්ඡා කර කර කාන්තා නියෝජනය පිළිබඳ සංශෝධනයක් ගෙන එන්නැයි තමන් පාර්ලිමේන්තුවට යෝජනා කරන බවය.

Chandana Sirimalwatte :