Posted on 12.11.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
අාදායම් ඉහළ නංවාගැනීමේ අරමුණින් පාඨක ජනතාව අතර මිථ්‍යාව වපුරන්න එපා යැයි තමන් මාධ්‍යයෙන් ඉල්ලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඔහු ඒහිදී මෙසේද සදහන් කර අැත.
“අද අපේ සමාජ ජීවිතයට සැලකියයුතු බලපෑමක් කරන්න ජනමාධ්‍ය හේතු වෙලා තියෙනවා. මාධ්‍යවල ප්‍රබලතාවය සමාජ උන්නතිය වෙනුවෙන් යොදා ගත යුතුයි. මාධ්‍ය හැමදාම උදේට පත්තර කියවනවා. ඊට පස්සේ ටයිකෝට් දාන් , රැවුල වවන් ආපු පුද්ගලයන් සාස්තර කියනවා. මේ වැඩසටහන්වල ලියුම් ගොඩක් ගොඩගසා තියෙනවා. අපේ අය නිවෙස්වලට වෙලා ඒ ලියුම් කියවනකම් බලා ඉන්නවා. මේ වැඩසටහන් නොවේ. දැන්වීම්. මේවා විවිධ ආන්දෝලාත්මක ප්‍රකාශ කරමින් ප්‍රසිද්ධිය ලබා ගන්න දරන උත්සාහයන්. මාකටින් පැත්තෙන් කියලා මේ වැඩසටහන් කරනවනම් මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදී කියලවත් කියන්න වැඩසටහන යටින් යොදන්න. එසේ නැත්තනම් එම ජ්‍යෝතිෂ්‍යවේදියාගේ මතයක් ඉදිරිපත්කරන්නේ කියලා හෝ කියන්න .”
කෙසේවෙතත් ඒවැනි මිත්‍යා මත වපුරමින් ජනතාව ෙනාමග යවන ජනමාධ්‍ය මොනවාද යන්න සදහන් කරන්නට ජ.වි.පෙ. නායකයා ඉදිරිපත් වූයේ නැත. දේශපාලන පක්ෂවලට ඒවැනි ජනමාධ්‍ය විසින් ලබා ෙදන ප්‍රචාරය හේතුවෙන් ඒ්වා සම්බන්ධ සුහදශීලී පිළිවෙතක් අනුගමනය කරන්නට බෙහෝ පක්ෂ කටයුතු කරයි.
මේ වනවිට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සියලු වර්ගයේ මිත්‍යාවන් වපුරමින් තිබෙන අතර විශේෂයෙන් නක්ෂත්‍රකරුවන් බව කියන පුද්ගලයන් විද්‍යුත් මාධ්‍ය මත සිය අවිද්‍යාත්මක ප්‍රචාර ෙගනයයි. ඒසේම මුද්‍ර්‍ිත මාධ්‍ය ඔස්සේද සිදුවන මිත්‍යා මත වැපිරීම විශාල වශයෙන් ජනතාව අතර සහ බාල දරුවන් අතර වැරදි අදහස් ප්‍රචාරය වීමේ අනතුරක් අැත. බොහෝ පුවත්පත් සම්භාව්‍ය මාධ්‍ය කලාව වෙනුවට පහත් රුචිකත්වය වෙනුවෙන් හොල්මන් අවතාර, යක්ෂයන්, ප්‍රේතයන් වැනි කල්පිත සංකල්ප මත පිටු ගණන් අතිරේක නිකුත් කරමින් ජනතාව අතර අැති මිතයා විශ්වාසයන් මත සිය පුවත්පත් අලෙවිය නංවා ගනී. මෙවැනි පුවත්පත් ඒ්ක පැත්තකින් සමාජ – දේශපාලන – අාර්ථික හා සංස්කෘතික වශයෙන් ව්‍යාජ මතවාද ප්‍රචාරය කරන අතර ඒම වයාජයන් නඩත්තු කරමින් ජනතාව ඒ්වාට අැබ්බැහි කිරීමේ අරමුනින්ම අභව්‍ය මිත්‍යා කතාවලින් යුතු අතිරේක මගින් පාඨකයා අදුරට අැද දමයි.