Posted on 12.01.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කුමරන් පද්නමනාදන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුණ, එම පක්ෂ මන්ත්‍රී විජිත හේරත් සහ නීතීඥ සුනිල් වටගල අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.
පුවත්පත් වාර්තා, අන්තර්ජාල වාර්තා ආදී කේ.පී. සම්බන්ධ සියළු තොරතුරු සහිතව ඔහු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්විය යුතු බවට තහවුරු වන තොරතුරු රැසක් ජනතා විමුක්ති පෙරමුණ විසින් සිය පෙත්සම සමග අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. ත‍්‍රස්තවාදී ක‍්‍රියා රැසක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිදු පියවරක් නොගැනීමත්, ජාත්‍යන්තර පොලීසියටද අවශ්‍ය සැකකරුවෙකු වන කේ.පී.ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොවීමත් ගැටලු සහගත බවට පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් පෙන්වා දී තිබිණි. චෝදනා 193ක් සහිතව 2015 වසරේ ඉදිරිපත් කළ මෙම පෙත්සම වසර දෙකහමාරකට පසුව මෙසේ නිශ්ප්‍රභා විය.
2015 ජනවාරි ජනාධිපතිවරණයේදී වත්මන් ආණ්ඩුවේ නායකයන් සිය මැතිවරණ ව්‍යාපාරය ගෙනයද්දී ඊට වාසිදායක ලෙස හුදු රාජපක්ෂ විරෝධයක් පමණක් මත දූෂන විරෝධය හා නීතියේ ආධිපත්‍ය වැනි ලිබරල් සටන් පාඨ මත ජනතා විමුක්ති පෙරමුණ සිය ප්‍රචාරක කටයුතු ගෙන ගිය අතර රාජපක්ෂ පාලනයේ හොරු ඇල්ලීමට ජාතික විධායක සභාවේත්, දූෂණ විමර්ශන ක්‍රියාවලියේත් සක්‍රිය කාර්යභාරයක් ඉටු කරන ලදී. අගොස්තු මහමැතිවරණයේදී වුවද වාමාංශික විකල්පයක් වෙනුවට යහපාලන ආණ්ඩුවේම සහායක බලඇනියක් ලෙස මැතිවරණ ව්‍යාපාරය ගෙනගියේ රාජපක්ෂ පාලනයේ දූෂණ හා මර්දන විරෝධය පමණක් ඔසවමින් ක්‍රමවිරෝධයක අවශ්‍යතාව වසන් කරමිනි. එහෙත් ජ.වි.පෙ. විසින් රාජපක්ෂලාගේ දුර්දාන්ත පාලනය වෙනුවට ගෙන එන්නට සහතික කළ යහපාලනය විසින්ම ඔවුන් ඉල්ලූ ඉල්ලීම් දැන් ප්‍රතික්ෂේප කර තිබේ.
ජ.වි.පෙ විසින් ඉක්මන් මැතිවරණයක් වෙනුවෙන් යැයි කියමින් පළාත් පාලන මැතිවරන සංශෝධනයට ආන්ඩුව සමග පක්ෂව ඡන්දය භාවිත කළ අතර පසුව හෙළි වූයේ එම පනත් දෝෂ සහිත බවයි. මේ ආකාරයට ජ.වි.පෙ. විසින් යහපාලනය සමග එක්ව දේශපාලනය කරමින්ම එහෙත් ඊට පටහැනි ප්‍රතිඵල සමාජයට අත් කර දෙමින් සීටී.
