தமிழ்
English
Contact
Monday 24th June 2019    
ජීවිත 32ක් බිලිගත් මීතොටමුල්ල ඛේදවාචකයට වසර 2යි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ජීවිත 32ක් බිලිගත් මීතොටමුල්ල ඛේදවාචකයට වසර 2යි!



2017 අප්‍රේල් 14 අලුත් අවුරුදු සදහා සූදානම් වෙමින් සිටියදී තිස් දෙදෙනකුගේ දිවි අහිමි කළ මීතොටමුල්ල කසළ කන්ද නාය යාමේ ඛේදවාචකයට අදට වසර දෙකක් සපිරෙයි.

කොළඹ නගර සභාව විසින් තාවකාලික ලෙස මෙම කසළ බැහැර කරන ස්ථානය භාවිතයට ගත්තේ 2009 වසරේ සිටය. ඒහෙත් ඒය ස්ථිර කසළ බැහැරකරන ස්ථානයක් ලෙස කටයුතු කිරීම නිසා ප්‍රදේශවාසින්ගේ වි‌ොර්ධයක් ඇති විය. ඒවකට මහින්ද රාජපක්ෂ පාලනය සහ ප්‍රදේශයේ දේශපාලන බලවතා ලෙස දුමින්ද සිල්වා ඇතුළු බලවතුන් ජනතා විරෝධය නොතකා කසළ කන්ද විශාලත්වයෙන්ද වැඩි කරන ලද අතර 2011 වසරේදී විරෝධතා සංවිධානාත්මක ලෙස ඒ්කරාශි කරමින් ‘මීතොටමුල්ල කුණුකන්දට ඒරෙහි ජනතා ව්‍යාපාරය’ බිහි කරන ලදී. ඒහෙත් ඒම විරෝධතා ව්‍යාපාර දේශපාලන බලවතුන්ගේ මැර ප්‍රහාරවලින් හා පොලිස් කැරලි මර්දන ප්‍රහාරවලින් නිහඩ කරවන්නට ඒවකට මෙම කසළ කන්ද පාලනය කළ නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රධානියාව සිටි ගෝඨාභය රාජපක්ෂ පියවර ගන්නා ලදී. 2012‍ සිට 2015 කාලය තුළ ප්‍රදේශවාසින් සංවිධානය කළ විරෝධතාවට මෙසේ මර්දනයෙන් පිළිතුරු දුන් රාජපක්ෂ පාලනය අවසන් කරමින් පැමිණි රනිල් – මෛත්‍රි පාලනය මෙම කසල කන්ද ඉවත්කරන බවට පොරොන්දු වුවද 2017 කසළ කන්දේ ඛේදවාචකයට ඔවුන්ද වගකිවයුතුය.

ඒදා සිට කඩා වැටුණු කසළ කන්දේ සුන්බුන් අතරින් ජීවිතය හොයන මීතොටමුල්ල ජනතාව මුහුණ දී සිටින, ඛේදවාචකයක් තවමත් අවසන් නැත. පෙර මේ ප්‍රදේශවාසින් ජීවත්වූ වෙල්යායක් ගොඩකර නිවෙස් අවට නොතිබුණු කසළ කන්ද තවමත් ඒලෙසින්මය. කසළ කන්ද අවට ජනයා කුඩා ගිනිපෙට්ටි වැනි මහල් නිවාසවලට ගාල් කරමින් මෙම ප්‍රදේශය සංචාරකයන්ට ආකර්ෂනය ඇති උයනක් බවට පත්කරවන සංවර්ධන සැලසුම් මහනගර සංවර්ධන ඇමති පාටලී චම්පික විසින් ගෙනැවිත් ඇත. මෙම ජනතාවගේ ගැටලු විසදීමේදී  කුණුකන්දට ඒරෙහිව ජනතාව තෝරාගත්  සටන් මාර්ගයට පාලකයන් මර්දනයෙන් පිළිතුරු දුන්නා මිස විසදුමක් නොලැබුණ බව ‘මීතොටමුල්ල කුණුකන්දට ඒරෙහි ජනතා ව්‍යාපාරය’ වෙනුවෙන් අප හා කතා කළ නීතිඥ නුවන් බෝපගේ පෙන්වා දෙයි. අවසානයේ තම ආදරණීයයන් 32ක් මිය යාමෙන් පසුව ජනතාවට විසදුම් වෙනුවෙන් සාමුහිකව සටන් කිරීමෙන් මිස පාලකයන්ගෙන් විසදුම් නොලැබෙන බව ප්‍රදේශවාසින්ද පාඩමක් ඉගෙන ගෙන ඇති බවද ඔහු අවධාරණය කරයි. මෙම දෙවසරක තුළ ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් වීමසීමේදී ප්‍රදේශවාසින්ට කිසිදු සහනයක් නැති බවද හෙට අනිද්දාට සමාගමක් වෙත ඉඩම පවරනවිට මහල් නිවාසයක කූඩු වන්නට ජනතාවට සිදුව ඇති බවද නීතිඥ නුවන් බෝපගේ වැඩිදුරටත් පෙන්වා දෙයි.