Posted on 02.02.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පැන නැගී අැති විරෝධතා නිසා සයිටම් අායතනයේ නම වෙනස් කරමින් එය හොර රහසේ නීතිගත කිරීමේ කුමන්ත්‍රණය නවත්වන ලෙස රජයට බලකරමින් ජනතාව දැනුවත් කිරීමේ හා බැනර් අත්සන් කිරීමේ වැඩසටහනක් ඊයේ(01) දිවයිනේ නගර ගණනාවක පවත්වා තිබේ.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් සංවිධානය කළ මෙම ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට හා මහරගම, නුගේගොඩ, ගම්පහ කෑගල්ල, මහනුවර, නුවරඑළිය, ආදී ප්‍රදේශ රැසක පවත්වා තිබේ.
