தமிழ்
English
Contact
Monday 23rd April 2018    
අැමති රිෂාඩ් බදුර්දීන් නිලධාරින් නොමග යවා රක්ෂිත ඉඩම් දේශපාලන හිතවතුන්ට දුන් බව විගණනයකදී හෙළි වේ ! « Lanka Views | Views of the truth

අැමති රිෂාඩ් බදුර්දීන් නිලධාරින් නොමග යවා රක්ෂිත ඉඩම් දේශපාලන හිතවතුන්ට දුන් බව විගණනයකදී හෙළි වේ !



හවුල් අාණ්ඩුවේ පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් අැමති රිෂාඩ් බදුර්දීන් විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි විලන්තියිකුලම් වනරක්ෂිතයෙන් අක්කර 650ක් දේශපාලන හිතවතුන්ට ලබාදී ඇති බව විගණන විමර්ශනයකදී අනාවරණය වී තිබේ.

2017 ඔක්තෝබර් 05 වැනි දින මන්නාරමේදී පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා හා මන්නාරම දිසාපතිවරයා නොමග යවමින් හා බලපෑම් කොට අවතැන් වූ මුස්ලිම් ජනතාව පදිංචි කරවීම සඳහා යැයි පවසමින් ඔහුගේ දේශපාලන හිතවතුන්ට ලබාදී අැත. කෙසේවෙතත් විගණකාධිපති දේපාර්තමේන්තුව විසින් කරන ලද විමර්ශනයකදී අදාළ වන රක්ෂිතය අයත් මුලාලි ප්‍රාදේශීය ලේකම්වරයා ප්‍ර‍කාශ කොට ඇත්තේ 2017. ජනවාරි 04 දිනය වන විටද එම භූමියේ පවුල් 160කට නිවාස ඉදිකර තිබුණු බවයි. ඉන් නිවාස 127ක පමණක් පවුල් පදිංචි වී සිටි බවත් අර්ධ වශයෙන් ඉදිවූ නිවාස 137ක් සහ නිවාස ඉදිකර නොමැති එළි පෙහෙළි කරන ලද ඉඩම් කට්ටි 706ක් තිබුණු බවද ඔහු එම විමර්ශණයේදී වැඩිදුරටත් සඳහන් කර අැත.

අදාළ ප්‍රදේශයේ පදිංචි කිරීමට කටයුතු කරන්නේ යුද්ධයෙන් අවතැන් වූවන් හා එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් උතුරින් පලවා හරින ලද මුස්ලිම් ජනතාව බව 2013 වසරේ අගෝස්තු මාසයේ පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේදී අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මීට පෙර ප්‍ර‍කාශ කර තිබිණි. විලන්තියිකුලම් වන රක්ෂිතයේ ඉඩම් කට්ටි කිරීම සහ යළි පදිංචි කරවීම ලංකාවේ පවතින ඉඩම් නීතියට පටහැනි ක්‍රියාවක් බැවින් දැනට එම භූමියේ ස්ථාවරව පදිංචි වී සිටින සියයට 20කට ආසන්න ප්‍ර‍මාණයට වෙනත් සුදුසු ඉඩම් ලබා දී ඔවුන් විලන්තියිකුලම් වන රක්ෂිතයෙන් ඉවත් කරන ලෙස නිර්දේශයක් විගනකාධිපති විසින් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.