Posted on 02.07.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මහින්ද රාජපක්ෂ යුගයේ සිදුවු වංචා දුෂණ හෙලිකළහොත් රනිල්ට එරේහිව බටලන්ද කොමිසමේ ඉදිරිපත් වූ කරුණු දිනපතා හෙලි කරන බවට හිටපු ඇමති බන්ධුල ගුනවර්ධන තර්ජනය කරයි.
රාජ්‍ය දේපොළ සොරා කැම පිලිබදව චෝදනා ලැබසිටින මංත්‍රීවරු තම තමන්ගේ පැටිකිරිය හෙලිදරව් කිරීමට එරෙහිව කළබලවී කරන තර්ජනයක් ලෙස මෙය දැකිය හැකිය. මෙතෙක් කාලයක් සිදුවු සියලුම වංචා දුෂණ යටගසමින් ජනතාව ගොනාට අන්දමින් සියලු දෙනා රංගනයක නිරතවන බව මෙයින් ඉතා හොදින් පැහැදිලි වේ. පසුගිය මැතිවරන සමයේ වංචා දූෂන සම්බන්ද මහා ගෝරනාඩුවක් කළද මේ දක්වා කිසිදු දූෂිතයෙක් නීතිය හමුවේ කොටු කරගැනිමට ආණ්ඩුවට නොහැකි වු අතර සියල්ල කොමිසම් වර්තා වලට සීමාවි ඇත.
අද(7) පැවති මාධ්‍ය සාකච්ඡාවකදි රාජපක්ෂ පාර්ශ්වයේ බන්ධුල ගුනවර්ධන වැඩි දුරටත් ප්‍රකාශ කෙළේ “එ.ජා.ප. විසින් ‘දෙකේ කොලේ ඇච්චො බැච්චො‘ දමා මහින්දට ගහන්න හැදුවෙත් අපිටත් බටලන්ද කොමිසම එලියට දාන්න සිදුවන බව“ය. බටලන්ද වධකාගාරයට රනිල් කෙලින්ම සමිබන්ධ බවට කොමිසම් වාර්තාවේ සදහන් ඇති බවද ඔහු එහිදී සදහන් කලේය.