தமிழ்
English
Contact
Sunday 22nd April 2018    
ප්‍රචාරවල තරමට නීති පියවර නොගත් නිසා උදයංග මෙරටට ගෙන්වා ගන්න බැරිලු – පොලිස් නිලධාරින් හිස් අතින් ඒයි ? « Lanka Views | Views of the truth

ප්‍රචාරවල තරමට නීති පියවර නොගත් නිසා උදයංග මෙරටට ගෙන්වා ගන්න බැරිලු – පොලිස් නිලධාරින් හිස් අතින් ඒයි ?



හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට පිටත්ව යන බවට ප්‍රචාරය කළද ඔහු සිදුකර අැති නීති විරෝධී කටයුතු විධිමත් අධිකරණ ක්‍රියාදාමයකින් ජාත්‍යන්තර පොලිසියට හා ඒ් හරහා විදේශයන්ට දැනුවත් නොකිරීම නිසා ඔහු අත්අඩංගුවට ගෙන රැෙගන ඒ්ම අවිනිශ්චිතව වී තිබේ.

හිටපු රුසියානු තානාපතිවරයා ලංකාවට පිටුවහල් කරවා ගැනීමේ අරමුණින්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ, නීතිපති දෙපාර්තමේන්තුවේ සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් ඒහි පිටත්ව ගියහ. ඒහෙත් ඒ් වනවිටත් ඒමීර් රාජ්‍ය තුළ පවතින නීති අනුව අත්අඩංගුවේ තබාගෙන සිටි සැකකරුවා නිදහස් කර තිබිණි. දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටින නියෝජිත පිරිසක් එරට අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

අාණ්ඩුව දේශපාලන ක්‍රීඩාවක් ලෙස රාජපක්ෂ කල්ලියේ පුද්ගලයන් ඉලක්ක කර දඩයමක් ගෙන ගියද මේ කරුණ සම්බන්ධයෙන් විධිමත් නීති ක්‍රියාදාමයක් නොවූ බැවින් උදයංග වීරතුංග සූක්ෂම ලෙස ලංකාවේ අධිකරණයෙන් පළා යමින් සිටී. ඒ් නිසාම ඒමීර් රාජ්‍ය තුළ කළ යුතුවන්නේ කුමක්ද යන්න ගැන ලංකා රජයට උපදෙස් ලබාගැනීම සඳහා, අබුඩාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් ආගමනික කටයුතු සම්බන්ධයෙන් විශේෂ දැනුමක් ඇති, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතීඥයන්ගේ සේවය ලබාගන්නට සිදුව ඇත.

රුසියාවේ සහ යුක්රේනයේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග, චොද්නා ලබා සිටින්නේ ඇමරිකානු ඩොලර් මිලියන 7.833 ක් පමණ වන මහජන මුදල් අවභාවිත කිරීම සම්බන්ධවයි. ඔහු මේ වනවිට මිග් යානා මිලදී ගැනීමට සහ මුදල් විශුද්ධිකරණයට අදාළව ඒල්ල වන චෝදනාවලට අදාල පරීක්ෂණ සම්බන්ධයෙන් 2016 ඔක්තෝබර් 20 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් මඟහරිමින් සිටියි. නමුත් සැකකරු සම්බන්ධයෙන් දැනට අාණ්ඩුවේ බලධාරීන්  පියවර ගෙන අැත්තේ ජාත්‍යන්තර පොලීසියේ ශ්‍රී ලංකා ශාඛාව ලබාගත් ‘නිල්’ නිවේදනයක් පදනම් කරගනිමිනි. රටවල් ගණනාවක් සමඟ කටයුතු කරමින් සිටියි.

2018 පෙබරවාරි 04 වැනි දින ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට උත්සාහ කිරීමේදී  වීරතුංග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනීම සිදුවූයේ ජාත්‍යන්තර පොලීසිය විසින් නිකුත් කරන ලද නිල් නිවේදනය පදනම් කරගෙනය.  ඒහෙත් ඔහු ඒක්සත් ජනපදය බලා පිටත්ව ගියා නම් ඒහිදී ඒක්සත් ජනපදය හා ලංකාව අතර අැති රාජ්‍යතාන්ත්‍රික ගිවිසුම් අනුව මෙරටට පිටුවහල් කිරීමේ හැකියාව තිබිණි. ඒ් නිසාම ඒවැනි සිරකරු/සැකකරු හුවමාරුවක් මේ අවස්ථාෙව් ඒක්සත් අරාබි ඒමීර් රාජ්‍ය සමග කතිකා කරගන්නට සිදුව අැත. එරට පොලීසිය විසින් මීට අදාළව විමර්ශන කටයුතු සිදු කෙරෙන අතර, එම විමර්ශන කටයුතු අවසන් වන තෙක් උදයංග වීරතුංග මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ භූමියෙන් පිටවී යාම පමණක් වළක්වා තිබේ. ඒ නිසාම උදයංග විරතුංග ලංකාවේ පොලිසිය භාරයට ගන්නට නොහැකිවීම නිසා ඒක්තරා අාකාරයකින් සැකකරුට අාරක්ෂාවක් වී අැත.