Posted on 02.05.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අද (05) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 16 දින දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර තිබේ.
පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අර්ජුන් ඇලෝෂියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතා ඊයේ (04) අධිකරණයට ඉදිරිපත් කළ පසු අද දිනය දක්වා රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබිණි. පසුව අද දිනයේ නැවතත් ඔවුන් 16 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.