Posted on 02.04.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
2015 මහබැංකු බැදුම්කර ගනුෙදනුවේ සැකකරුවන් ලෙස නම් කළ පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බව වාර්තා ෙව්.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් අද(04) උදෑසන ඔවුන්ගේ නිවෙස්වලට ගොස් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද ඔවුන් දෙදෙනා මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ලෙන අැති බවද වාර්තා විය. මීට අමතරව හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වෙත ෙනාතිසි යැවීමට කටයුතු සකස් කර අැත. කෙසේවෙතත් මෙම අත්අඩංගුවට ගැනීම මැතිවරණය ආසන්නයේ මාධ්‍ය සංදර්ශනයක් බව විපක්ෂයේ චෝදනාවක් නැගී ඇත. මහබැංකු බැදුම්කර වංචාව සිදුකර වසර තුනක් ගත වී ඇත. ඒ දක්වා අති විශාල මුල්‍ය හානියක් සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට නොගැනීමත් අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වූ රවි කරුණානායක තවමත් නිදැල්ලේ සිටීමත් නිසා මෙමෙ ක්‍රියාදාමය ව්‍යාජයක් ලෙස සැකයට පාත්‍ර වී ඇත.