Posted on 08.16.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ වංචා දූෂණ පිළිබද විමර්ශන කටයුතු ඇමති මණ්ඩලයේදී සාකච්ඡාවට ගනු ලැබු අවස්ථාවේ උනුසුම් විවාදයක් ඇතිවී තිබේ.
එහිදී රාජිත සේනාරත්න, චම්පික රණවක, මංගල සමරවීර, සරත් ෆොන්සේකා විසින් කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමුකර ඇති විශේෂ අධිකරණයක් පිළිබද අදහස විවාදයට එක් හේතුවක් වී තිබේ. මෙහිදී අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පවසා ඇත්තේ පවතින අධිකරණ ක්‍රමය යටතේ විශේෂ අධිකරණ අවශ්‍ය නොවන නමුත් එවැනි විශේෂ අධිකරණයක් පිහිටුවීමට ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන නැති බවයි. එසේ විශේෂ අධිකරණයක් පිහිටුවන්නට ජනමත විචාරණයක් පැවැත්වීමට පවා සිදුවන බව ඔහු පෙන්වා දී ඇත. ජනාධිපතිවරයා මෙම අවස්ථාවේ සෙසු ඇමතිවරුන්ගේ අදහස් විමසූ විට විදේශ ඇමති තිලක් මාරපන පවසා ඇත්තේද විශේෂ අධිකරනයක් අවශ්‍ය නොවන නමුත් පවතින අධිකරන ක්‍රියාදාමය තුළ කඩිනම් නඩු විභාග සිදුකළ හැකි බවයි. අධිකරණ ඇමතිවරයා පෙන්වා දී ඇත්තේ අගවිනිසුරුවරයා හා නීතිපතිවරයා සමග මේ ගැටලුව පිළිබද කළ සාකච්ඡාවේදී කඩිනම් අධිකරණ ක්‍රියාදාමයක් සදහා විරෝධයක් පළ නොවූ බවයි. මෙම සාකච්ඡාවේදී ගාමිනි ජයවික්‍රම පෙරේරා ඇමතිවරයා ආවේගයෙන් පවසා ඇත්තේ පසුගිය ආණ්ඩුවේ වංචා දූෂණ හෙළිකර වරදකරුවන්ට දඩුවම් දෙන බවට මැතිවරණ වේදිකාවල දුන් පොරොන්දු තවමත් ඉටු කර නැති පසුබිමක ජනතාව වෙත ගොස් ඡන්දය ඉල්ලන්නට හැකියාවක් නැති බවයි.
පළාත්පාලන මැතිවරණය වෙනුවෙන් කාල සීමා නිවේදනය කරන කාලය උදාවී ඇති නිසා නැවතත් ආණ්ඩුව මෙසේ රාජපක්ෂවරුන්ගේ වංචා දූෂණ විමර්ශනය කරන්නට වසර දෙක හමාරකට පසුව උනන්දුවක් දක්වන්නට පටන් ගෙන ඇත. මේ අනුව පාලකයන්ගේ යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමය යළි යළිත් දේශපාලන බලය සමග සම්බන්ධ බව සනාථ වේ. රාජපක්ෂ ආන්ඩුව පරාජය කළ ජනතාව ඉල්ලා සිටියේ වංචා දූෂණ නැති පාලනයකි. එහෙත් පාලක පක්ෂය වංචා දූෂණ ඉදිරියටම කරගෙන යන තත්වයක් තුළ වංචා දූෂණවලට චෝදනා ලද ප්‍රතිවාදීන් දඩයම් කරන්නේද දේශපාලන අරමුනු ඇතිවය.