Posted on 02.20.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පළාත්පාලන මැතිවරණයෙන් පසුව උද්ගතව පවතින දේශපාලන ගැටලුව විසඳාගැනීම සදහා පියවරක් ලෙස නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපති ෙමෙත්‍රිපාල සිරිසේන තීරණය කර තිබේ.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ජාතික ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාමේදී කැබිනට් සහ කැබිනට් නොවන ඇමතිවරුන් ඝනන වෙනස් කළ යුතු නැත. එහෙත් ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවකදී කැබිනට් අමාත්‍යධූර 30ක් සහ කැබිනට් නොවන අමාත්‍යධූර සංඛ්‍යාව 45 ක් විය යුතු බව ඒම සංශෝධනයේ සඳහන් වේ. මේ නිසා වෙනත් දේශපාලන පක්ෂවලින් අාන්ඩුවට සහයෝගය ලබා ෙදන අපේක්ෂා කරන මන්ත්‍රිවරුන්ට අැමතිකම් ලබාදෙමින් පිල් මාරු කරන්නට සලසමින් කැබිනට් සංශෝධනයක් කරන්නට ජනාධිපතිවරයා සූදානම්වන බව අාණ්ඩුවේ අාරංචි මාර්ග පෙන්වා දෙයි.